පීසා හට් එකට ඉඩදෙන්න ගලවපු බස්නැවතුම කෝ සුසන්ත ?

0
789

susantha pitzsa-300x217වෙන්නප්පුවේ පීසා හට් එක ලග බස්නැවතුම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත මහතා විසින්  ඉන් කඩා ඉවත් කර  එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස් දමා තිබුණේ මීට වසර එකාමාරකට පමණ ඉහතදිය.
ඒ පිසා හට් එක හොදින් ප්‍රධාන පාරට පෙනෙන සේ ඉඩසලසා දිම වෙනුවෙනි.
ඒ පිළිබදව අප කළ විමසුමකට  2012 දෙසැම්බර් මාසයේ පිළිතුරු දුන් සභාපතිවරයා පවසා තිබුනේ හැකි ඉක්මනින් ඒ බස් නැවතුම ඊට මදක් නුදුරින් ස්ථාපනය කරන බවය.
හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාද අපට දැනුම් දි තිබුනේ එය නැවත ඉදිකිරිමේ වගකිම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති විසින් ඉටුකිරිමට නියමිත බවය.
මේ පිළිබදව අප අවස්ථා කිපයකදිම ඔහුගෙන් විමසා සිටි අවස්ථාවාෙව්දි  පමණක් කලබල වන මේ නිලධාරියා අපට පොරොන්දු වන්නේ වෙන්නප්පුවේ ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත මහතා විසින් ඉටුකළ යුතු කටයුත්තක් බවය.
මේ දිනවල ඇති අධික අව්රශ්මියේත් මේ ස්ථානයේ බසයක් එනතුරු සිටින මගින් හට කිසිදු අවාරණයක් තිබුනේ නැත
වෙන්නප්පුව සභාපතිවරයා‍ෙගේ මේ කඩවුන පොරොන්දුව ක්‍රියාත්මක කරන්නට තවත් කොපමණ කලක් ගතවේදැයිමේ මගියෝ අසති.
මේ අතර අප විසින් හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාගෙන් 2014 මැයි 28 අප විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ පිසා හට් එක ලගින් ඉවත් කරන්නට යෙදුන බස්නැවතුම ලුණුවිල ප්‍රදේශයේ නැවත සවිකර තිබුන බවට  තොරුතුරු ලැබි ඇති බවය.
කෙසේ වෙතත් අදාල ඉජිනේරුවරයා පවසා සිටියේ හැකි ඉක්මනින් පිසා හට් එක අසල බස් නැවතුම ඒ ආසන්නයේ ඉදිකරන බවට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති වරයා තමන් වෙත පොරොන්දුවි ඇති බවය.
එහෙත් මේඑකදු පොරොන්දුවක් ක්‍රියාත්මක වුයේ නැත.
පසුව අප යළිත් 2015 ජනවාරි 12 වනදා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයා වෙත කථා කළ අවස්ථාවේ ඔහු දිර්ඝ විස්තරයක් කරමින් පවසා සිටියේ මේ බස්නැවතුම නැවත සවිකරන්න ඒ ප්‍රදේශයේ තැනක් සොයාගත නොහැකි බවය.ඉන් කියැවෙන්නේ  වෙන්නප්පුව ප්‍රදේශිය සභා මන්ත්‍රි සුසන්ත මහතාගේ මිතුරාගේ ගොඩනැගිල්ලේ ඇති පිට්සා කඩයට ඉඩ දිම සදහා ඉවත් කළ බස් නැවතුම යළිත් කිසි දිනක ඉදිනොකෙරන බවය.
බාර් පාලනය ගැන පමණක් දන්නා දේශපාලකයන්ට නගරයක් පාලනය කළ නොහැකි වග දැන් මැනවින් ඔප්පුවි හමාරය.
හෙට දිනයේ යහපාලනය වෙනුවෙන් මීගමුවේ ප්‍රගතිශිලි ජනයා විසින් මේ බස්නැවතුම මගීන්ට සෙවන දිම සදහා සුදුසුම තැන ඉදිකළ යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here