පුංච් මාලදිවයින තම රට වැසියන්ට සලකන්නේ මෙහෙමයි…

0
210

maldivian air

( 5.00 pm ) ශ්‍රී ලංකාවේ වෙසෙන මාලදිවයින ජාතිකයන්ගේ පවුල්වල අය වෙත බෙදා හැරීම සඳහා කිලෝ.ග්‍රෑම් 15 නොවැඩි තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පැකේජයන් සෑම ඉරිදාවකම, ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති කාර්‍යාලය මඟින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් මාලදිවයින රජය විසින් දියත් කොට ඇත.
මාලදිවයින ජාතිකයන්ගේ ඥාතීන් විසින් එම පැකේජයන් සෙනසුරාදා දින මාලදිවයින ගුවන් සේවය වෙත භාර දිය යුතුය. මෙම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබනුයේ මාලදිවයින ගුවන් සේවා සමාගමේ යානා විසිනි. පුංචි මාලදිවයින් රජය තම විදේශගත රට වැසියන්ගේ යහපත වෙනුවෙන් උනන්දු වෙන්නේ එහෙමයි.
ක්‍රිස්ටි රාජේන්ද්‍රන් – මාලදිවයින