පුටු වියන්නා……!

0
869

image-0-02-06-e0cce26780db1d29ba2e52e9f04d93eeff2861476417eac8a22e1f57f9461c6d-Vමීගමුව ජයරත්න පාර ගෝමස් වත්තේ වසන ඔහු නමින් එම්.එස්.එම්.රිසාම් වන අතර වයස අවුරුදු 55කි. මෑත කාලයේ දක්නට හැකි එකම මීගමුවේ පුටු වියන්නා ඔහු වේ. ඔහු උපතින් පෝලියෝ රෝගයෙන් පෙලෙන ආබාධිත තැනැත්තෙකි.

1983 වසරේදී සිය ස්ව උත්සාහයෙන් හම්බකරන්නට සිතා මුලින්ම කට්ටුව පුටු කඩයකට ගොස් වැඩ පුරුදු වී එතන රැකියාවේ නිරතවී තිබේ.අදත් තම මුල් රැකියා ආයතනයේ හිමිකරුවා වූ තම ගුරුතුමාව ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ තාමාට සියළු වැඩ කියාදුන් බවයි. අද වන විට වසර 35ක කාලයක් තිස්සේ මෙම පුටු විවීමේ කර්මාන්තය කරගෙන යන අතර මෙය ඔහුගේ ආදායම් මාර්ගයද වන්නේය.

ඔහු විවාහක තිදරු පියෙකි.දියණියන් දෙදෙනෙකු හා පුතෙකු සිටී. තමාගෙන් පසු මෙම පුටු විවීමේ කර්මාන්තයේ තම පවුගේ කිසිවෙක් නිරතවන්නට නැති බවද පවසන ඔහු තවදුරටත් පවසන්නේ තම දෙවන දියණිය මෙම ක්ෂේත්‍රයට නැඹුරු කර ඇයට අනාගතයේදී ස්වයංරැකියාවක් වශයෙන් මෙය කරගෙන යා හැකි බවයි. තමන් සංචාරක හෝටල් වල පුටු විවීමට යන බවත් සමහර අවස්ථාවන් වලදී ඔවුන් එම භාණ්ඩ තම නිවසටම රැගෙන එන නිසා නිවසේදීම තම කාර්යයන් කරගත හැකි බවත් ඔහු පවසනවා. සාමාන්‍යයෙන් එක් පුටුවක් ප්ලාස්ටික් වයර් දමා විවීමට රු. 1400ක් පමණ අය කරන නිසා එක් දිනයකට සාමාන්‍යයෙන් රු.1400 ක පමණ ආදායමක් ලැබිය හැකි බවත් ඔහු පවසනවා.

ප්ලාස්ටික් වියන වයර් රු.800ක් පමණ වන අතර වේවැල් සදහා එක් කිලෝවකට රු.3000ක් වේ. තමන් ඉස්තරම් වර්ගයේ ප්ලාස්ටික් වයර් තෝරා වියන අතර වේවැල් ලබාගන්නනේ නාත්තන්ඩියේ තුම්මෝදර ප්‍රදේශයෙනි. වේවැල් සහනදායක මිලකට ලැබේනම් මීට වඩා අඩුවෙන් පුටු විවීමට හැකියාවක් තිබෙන බවත් ඔහු පවසනවා.

මෙම රැකියාවට හොද ඉවසිල්ලක් තිබිය යුතු බව හා සැලකිලිමත්ව කල යුතු බව ඔහු පවසයි.තමා රැකියාවට ගමන්ගන්නේ තම මුදලින් හා දානපතියන් දුන් මුදල් වලින් වසර 18පුතු මිලදීගත් ආබාධිත ත්‍රීරෝද රථයෙන්  බවද ඔහු අදහස් දක්වමින් කියා සිටියා. තමා වැඩිදුර අධ්‍යාපනය නොලබූ නමුත් පෙර පාසලට යාමට අවස්ථාව හිමිවූ අතර,තම දෙමාපියන් විසින් ගුරුවරයෙකු නිවසට ගෙනවා තමන්ට අධ්‍යාපනය ලබාදුන් අතර තම මිත්‍රයෙකු වන රුස්මන් වහාබ් පාසල නිමවී නිවසට පැමිණ තමන්ට ඉගැන්වූ බවත් ඔහු කෘතගුණයෙන් සිහිපත් කරයි.

දැනට ඔහු වාසය කරන නිවස පෙරියමුල්ල මුස්ලිම් පල්ලියෙන් ලබාදුන් ඉඩමක  සාදාගත් නිවසකි.
ඔහුගේ ලිපිනය – එම්.එස්.එම් රිසාම්
අංක 217/1,ජෙනිවර් පාර්ක්,
ගෝමස් වත්ත,ජයරත්න පාර,
මීගමුව.

දුරකථන අංක – 0723290812

ඡායාරූප හා සටහන – එම්.එස් .සුජාඉල් මුනීර්

Save