අප විසින් කරන්නට යෙදුන සියළු හෙළි දරව් කිරිම් සනාථ කරවන සිද්ධියක් 2013 සැප් 10 වනදා දවල් වැරුවේ මීගමුව මහනගර සභාවේදි සිදුව තිබුණි.
එනම් පුත්තලමේ එක්තරා මුස්ලිම් අපේක්ෂකයෙකු සිය මනාප අංකයද සහිත වාහනකින් ම පැමිණ මීගමුව මහනගර සභාවෙන් ක්රිඩා භාණ්ඩ සහ තවත් ආධාර රැසක් රැගෙන යාමේ සිදුවිමකි.
මෙහි වඩාත් සිනහ උපදවන කාරණය වි තිබෙන්නේ නගරාධිපති ඇන්ටනි ජයවීර සහ වැඩ බලන විපක්ෂ නායක යන දෙදෙනාම බලා සිටියදි මෙය සිදුව තිබීමය.
මෙය බරපතල තත්වයකි.
විපක්ෂනායක ඇතුළු මන්ත්රි පිරිසක් සිටින්නේ ආණ්ඩුව සමගින් යැයි අප කරන හෙළිකිරිම් මෙම සිදුවිමත් සමගින් තවත් සනාථ වි ඇත.
මේ අනුව පැහැදිලිව පෙනි යන්නේ වැඩ බලන විපක්ෂ නායක සිටින්නේ මහජන බදු මුදල් රකින්නට නොව ගසා කන්නට ඉඩදෙන්නට යැයි අපි ඉතා වගකිමෙන් යුතුව කියා සිටින්නෙමු.