පුත්තලමේ HIV රෝගීන්ගේ ඉහළ යාමක් ?

0
88

පුත්තලම දිසාව තුළ එච්.අයි.වී.ඒඩ්ස් රෝගයට ගොදුරැ වුවන්ගේ සංඛ්‍යාවෙහි ඉහළ යාමක් අනාවරණය වි ඇත.2017 වසරේ මේ වන විට එම ඊට ගොදුරැවු ආසාදිතයින් 113 දෙනෙකු පුත්තලම දිසාව තුළ සොයා ගත හැකි වී ඇති බව හලාවත දිස්ත්රිේක් මහ රෝහලේ ලිංගාශ්රීයත රෝග මර්ධන ඒකකය භාර වෛද්යි නන්දික රොහාන් අමරජීව මහතා පෙන්වා දුන්නේය .
පුත්තලම දිසාව තුළ පසුගිය දිනවල  ලිංගාශ්‍රිත රෝගින්ගේ වැඩිවීමක් ඇති බවට ‍ ලද තොරතුරක් අනුව සිදු කළ විමසීමක දී   වෛද්‍ය අමරජීව මහතා කරැණු පැහැදිලි කළේය .
තවදුරටත් කරැණ දැක්වු වෛද්‍ය  රෝහාන් අමරජීව මහතා මෙසේ ද කීය .
පුත්තලම දිසාව තුළ  ලිංගාශ්‍රිත එච්.අයි.වි.ඒඩ්ස් හා වෙනත් සමාජ රෝගයන් සම්බන්ධයෙන් කටයුතු සිදුකරන එකම ආයතනය හලාවත රෝහලේ පවත්වා ගෙන යනවා . මෙම ඒකකය යටතේ පුත්තලම කල්පිටිය ආනමඩුව හා මාරාවිල රෝහල් වල ද  වෛද්‍ය සායනයන් පවත්වනවා. ඕනෑම අයෙකුට මෙම ඒකකයන් වෙත පැමිණ තම රැධිරය පරීක්ෂණයක් සිදු කර ගත හැකියි . මෙම ඒකකය වසරේ දවස් 365 ම ක්‍රියාත්මක වනවා .
මම මෙම ඒකකයේ සේවයට වාර්තා කළේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දියි .ඒ වන විට පුත්තලම දිසාවේ එච්.අයි.වි. ඒඩ්ස් ආසාදිතයින් හිටියේ 50ත් 70ත් අතර පිරිසක්.එහෙත් කියන්න කණගාටුයි මෙම සංඛ්‍යාව 2017 තුළ 113 දක්වා ඉහළ ගිහින් තියෙනවා. මෙම ප්‍රමාණය විශාල වර්ධනයක් බව කිව යුතුයි. මෙවන් වර්ධනයකට එක් හේතුවක් කියන්න බැහැ. හේතු ගණනාවක්ම තියෙනවා.
අප මෙතෙක් කිවේ මෙම එච්.අයි.වී.ඒඩ්ස් ආසාදිතයින් පැතිර ගියේ කාන්තාවන් එහෙමත් නැතිනම් ගණිකාවන් මාර්ගයෙන් බවයි. නමුත් අද ඊට වඩා ක්ර්මයක් හොයා ගෙන තියෙනවා. ඒ තමයි පිරිමි අතර පවතින සම්බන්ධතාව.පිරිමින් අතර සමලිංගික කටයුතු වල නිරත වන අය වෙතින් මේ වන විට මෙම රෝගය පැතිර යාමේ වර්ධනයන් දැකිය හැකියි.
පසුගිය දිනක අප විසින් එක් ගර්භණි මාතාවකගේ රැධිර පරීක්ෂණයක දී ඇය මෙම රෝගයට ගොදුරැ වී ඇති බව හෙළි වුණා. එම කාන්තාවගෙන් කළ විමසුකදී කිරිමේ දි ඇගේ ස්වාමි පුරුෂයා පිරිමින් සමග සමලිංගික සේවනයේ යෙදෙන්නෙක් බව හෙළි වුණා.ඒ අනුව සිදු කල වැඩිදුර පරීක්ෂණයේ දී එම ස්වාමි පුරැෂයා ඇසුරැ කල පිරිමින් අට දෙනෙකු මේ වන විට ඒඩ්ස් ආසාදිතයින් බවට පත්ව ඇති බව හෙළි කර ගත් හැකි වුණා.මේ අනුව පිරිමින් අතර සමලිංගික සේවනයෙහි යෙදෙන අය වහාම රැධිර පරික්ෂනයකට යොමුවීම වැදගත්.

සුපුන් හංසන – හලාවත