පුතාගේ වැරදි වහගන්ඩ රංගේ මාධ්‍යට ඇගිල්ල දික් කරයි ?

0
49
උපුටා ගැනීම -wayambatoday.com

පුද්ගලයකු අනතුරට ලක් කර මරණයට පත්කිරිමේ චෝදනාවට සැකපිට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යසෝධ රංගේ බණ්ඩාර ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් ඊයේ (24 දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය. අද වන විට ඔවුන් ඇප මත මුදාහැර ඇති අතර මෙම සිදුවීම වන අවස්ථාවේ රිය  පදවාගෙන ගොස් ඇත්තේ අමාත්‍යවරයාගේ පුතා බවට පොලීසිය විසින් සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කරන ලදි.

ආණමඩුව, ධර්මපාලය ප්‍රදේශයේදී ඊයේ (24දා ) රාත්‍රි 7.30 ට පමණ සිදු වී ඇති මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ ආණමඩුව නගරයේ වෙළදසැලක සේවකයකු ලෙස සේවය කරනු ලබන ධර්මපාලය ප්‍රදේශයේම පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ගාමිණි වන්නිනායක (42) නැමති අයෙකි. මෙම පිරිස පළුගස්හංදිය පොලිස් මාර්ග බාධකයේදි  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
http://www.dailymirror.lk/article/Minister-Range-Bandara-s-son-arrested-following-accident-118023.html
අත්අඩංගුවට පත් යසෝධ රංගේ බණ්ඩාර ඇතුළු තවත් පුද්ගලයෙකුව අද (25) අැප මත නිදහස් කරන ලදී. අධිකරණයෙන් එළියට පැමිණි  මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන්  අමාත්‍ය පාලිත රංග බන්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් අදහස්  දක්වමින් කියා සිටියේ , රිය පදවා ඇත්තේ සිය පුත්‍රයා නොවන බවත්,මොවුන් ලෙඩෙකුව රැගෙන හදිසියේ  රෝහලකට ගොස් ඇති බවත්ය.එමෙන්ම මෙය සාමාන්‍ය රිය අනතුරක් බවද ඔහු ප්‍රකාශ කරන ලදී. ඉන් නොනවතින අමාත්‍යවරයා මාධ්‍ය ගැනද කතා කරයි. ඔහු එය ප්‍රකාශ කළේ ‘‘දැන් මේ යහපාලන ආණ්ඩුව ගෙයන්නේ රජය විසින් නොව මාධ්‍යයයි තුළිනුයි යනුවෙනි. ”
ජනාධික නොවන පාරක පුද්ගයෙකුගේ ඇග උඩින් තම රිය පදවාගෙන ගොස්  අනතුරක් වූ පසුත් ආපසු නැවතී නොබලා පලාගිය සිය පුත්‍රයාගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් ඔහු පෙනී සිටියි. ඒ මදිවාට මාධ්‍යට ද කැපිලි දමයි. නීතියට ඉඩදී නිහඩවීම වෙනුවට  මිනියක් මැිරුණ පසුත් පුතා වෙනුවෙන්  මේ යහපාලන අමාත්‍යවරයා කතා කරයි.  හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට ලු කියා ඇත්තේ මේවාට විය හැක.