පුද්ගලයෙකුව කඩුවෙන් කැපු ආසිරි හිටපු ඇමති සරත්ගේ ගෝලයෙක්ද ?

0
57

SARATHපසුගිය දිනක මීගමුවේ සංචාරක පුරවයේදි හෝටලයක් තුලදි පුද්ගලයෙකුව තියුණු ආයුධ වලින් කපා විදුලි සැර පවා වදින්නට සලස්වා තිබිම  හේතුවෙන්  අසාධ්‍ය තත්වයකට පත්ව මීගමුව රෝහල වෙත ඇතුලත් කර තිබුණි.
මේ පහර දිමට මුල්ව ඇතැයි කියන ආසිරි නැමැත්තා හිටපු ඇමති සරත් ගුණරත්න මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු බවද කියැවේ .
මේ සමබන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් හිටපු ඇමති සරත් ගුණරත්න මහතා පවසා සිටියේ මැතිවරණ සමයේ පක්ෂය වෙනුවෙන් කටයුතු කළ අයෙක් ලෙසින් තමන් ආසිරි නැමැත්තා හදුනන බවත් මේ සිදුවිමට තමන්ගේද නමද ගෑවි ඇතැයි සැලවිමත් සමගින් ඒ අදාල පිරිස් වෙත වහාම පොලිසියට භාර වි නිතිය මගින් ප්‍රශ්ණ විසදා ගැනිමට කටයුතු කරන ලෙස දන්වා ඇතැයි ද කියා සිටියේය.
පහරදුන් ආසිරි නැමැත්තා තාමත් ආගිය අතක් නැතැයි පවසන මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක මහතා කියා සිටියේ ආසිරි නැමැත්තා සොයා පොලිස් කණ්ඩායම් කිපයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවය.