පුද්ගලික බැංකුවක ATM දෝෂ වාර්ථා කල ITSSL යසිරු පොලීසියට කැදවයි

0
136
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකුවක ATM යන්ත්‍රවල පවතින දෝෂ වාර්තාකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පසුගිය 28 දා කොම්පඥවීදිය පොලිසියට කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.එම අවස්ථාවේදී අදාල බැංකුව නියෝජනය කරමින් නීතිඥයින් 20කට ආසන්න පිරිසක් පොලිස් ස්ථානයට පැමිණ රජිව් යසිරු කුරුවිට ගෙන් ප්‍රශ්න කරමින් පොලිස් නිලධාරීන් ඉදිරිපිට ඔහුට බලපෑම් කර ඇතැයි ද පැවසේ.එම නීතිඥයින් බැංකුවේ ATM දෝෂය ගැන සිදුකළ අනාවරණය පිළිබඳව විමසීම පසෙකලමින්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිත්‍යානුකුලභාවය පිළිබඳව ප්‍රශ්න කර ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකුවක ATM යන්ත්‍රවල පවතින ආරක්ෂක දෝෂයක් හේතුවෙන් පාරිභෝගිකයින්ගේ මුදල් හා දත්ත සොරාගත හැකි බවට වන අනතුරු ඇගයීමක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික සංගමය විසින් පසුගිය දිනක අනාවරණය කර තිබිණ.

මහ බැංකුවට පැමිණිල්ලක් !

එම කරුණ සත්‍යයක් නම් විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් එයින් පීඩාවට පත්වන බැවින් හා ඔවුන්ගේ මුදල් හා දත්ත අනාරක්ෂිත වන බැවින් ඒ පිළිබදව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ‘පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ විසින් පසුගිය පෙබරවාරි 29 දා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිපවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබිණ.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යොමුකර තිබු එම ලිපිය මගින්, මේ පිළිබදව අදාළ බැංකුවේ පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉතාමත් ඉක්මනින් ආරම්භ කිරීමට තීරණය කල බවද දැනුම් දී තිබිණ.

(theleader)