” පුනරුදයට පෙර සැඳෑවක්  ”  මීගමුවේදී

0
419

  ජාතික ජන බලවේගයේ “පුනරුදයට පෙර සැඳෑවක්” නම් වු  සංස්කෘතිමය වැඩසටහන  අද එනම් 2024/09/14 වැනි ශනිදා දින සවස මීගමුව බස් නැවතුම් පොල අබියසදී පැවැත්වීනි.
      “ජනනියමු කලාකරුවෝ ” නම්  සංවිධානය විසින් මෙම වැඩසටහන ඉදිරිපත් කළ අතර මෙය සංවිධානය කර තිබුණේ ” මීගමු කලාකරුවෝ ” සංවිධානය  විසිනි.

img 20240914 wa01451826971848999403116
img 20240914 wa01469164491517311593980
img 20240914 wa01511136931345533970137

           මෙම සංස්කෘතික වැඩසටහන සඳහා ආරාධිත කලාකරුවෙක් ලෙස සහභාගී වු ප්‍රකට ගත්කරුවෙකු  වන ජයතිලක කම්මැල්ලවීර මහතා ප්‍රකාශ කළේ  මිනිසෙක්   කා ,බී ,හැඳ ,පැලඳ හොඳ වාහනයකින් ගමන් කිරීම තුලින් පමනක් පරිපුර්න හොඳ අර්ථවත් ජීවිතයක්  ගත කල නොහැකි බවයි . සාර්ථක අර්ථවත් මිනිස් ජීවිතයක් ගත කීරිමට නම් සංස්කෘතිකමය හා වින්දනීය  ජීවිතයක් අනිවාර්යයෙන්ම  තිබිය යුතු බවද ඔහු පවසයි. 

img 20240914 wa0147194815362188550647
img 20240914 wa01493363019466218472586
img 20240914 wa0152292921700051896000

ඒ සදහා  කලාවට නැඹුරු ජීවන ක්‍රමයක් ස්ථාපිත යුතු බව ඔහුගේ අදහසයි. කලාවට සහ වින්දනයට නැඹුරුතාවයක්  ⁣නොමැති සහ කලාවට වින්දනයට සංවේදී නොවන පාලනයක් තුළින්  රටක ජීවත් වෙන ජනතාව කලාවට යොමුකිරීමක් සිදු නොවන අතර එලෙස කල හැකි පාලනයක් මෙරට ලබන 21 දායින් පසුව බිහිවන බවත් ඔහු පැවසීය. එවන් පාලනයක් තුළින් වින්දනීය කලාවට සංවේදී යහපත් උතුම් ගුණ දම් පිරි මිනිස් සමාජයකින් හෙබි  පරිපූර්ණ රටක් නිර්මාණය කළ හැකි බව  ඔහු මෙම වැඩසටහනේදී පෙන්වා දෙන ලදී.

img 20240914 wa01531025808644313465506
img 20240914 wa01546907128350685926364
img 20240914 wa01552932843888084771330
img 20240914 wa01572833729160958542541
img 20240914 wa0158724645011230993959

    මෙම සංස්කෘතිකමය වැඩසටහනේදී රොඩ්නි වර්ණකුල, සහ  මිත්‍ර කපුගේ ඇතුළු කලාකරුවන් සහ  කලාකාරිනියන් කිහිපදෙනෙකුම ගීත ගායනා ඉදිරිපත් කළහ.

එලෙසම විශ්ව විද්‍යාල කතිකාචාර්ය ඔසඳ ගුණරත්න මහතා , ලේඛක කීර්ති වැලිසරගේ මහතා සහ වෛද්‍ය සායක්කාර ජයවර්ධන මහතා සහ කමල් පෙරේරා මහතා ඇතුළු  තවත් කලාකරුවන් කිහිපදෙනෙකුම උත්සව සභාව ඇමතීය.
               එමෙන්ම ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු  ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් ද   පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

තවද විශාරද සිසිර ලියනාරච්චි මහතා පුමුඛ ” මාසංඛ” සංස්කෘතික කණ්ඩායම විසින්  ගීත ගායනාවන් කිහිපයක්ද මේ වැඩසටහනේදී ඉදිරිපත් කෙරිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here