පුනරුද යුගයේ වැඩ භාරගැනිම් සහ තවත් කථා !

0
376

සිස්ටම් චේන්ජ් ගැන කථා කරමින් ජනපතිධුරයට පත් අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්තිය තුල සිය ධුරයේ කටයුතු කිරිමට උපරිමයෙන් උත්සාහ දරමින් සිටින ආකාරය පෙනේ.ජනපති අනුර ඔහු දරන අනෙක් ඇමතිධුර වල වැඩ භාරගැනිම් වලදි  ද ඒ සියල්ල චාම් ලෙසින් පවත්වා ගැනිමට කටයුතු කර තිබුණි

චාම් කම ගැන කථා කරන ජනබලවේගයේ ඇතැම්  සහෝදර මැති ඇමැත්තන් ටයි පටි තද කරගෙන කෝට් බෑයන්  ඇතුලට බැස ගෙන සිටියදි අනුර කුමාර සුපුරුදු පරිදි ඩබල් පොකට් තුල සිය විනය මනාවට ප්‍රදර්ශනය කිරිමට වග බලා ගත්තේය.

ඇතැම් ඇමතිවරුන්ද  සිය ධුරයන්හි වැඩ භාර ගෙන තිබුනේ ඉතාමත් චාම් ආකාරයකිනි .

මිගමුවට අද පෙරවරුවේ නව කොමසාරිස්වරියක් පත්ව ආවේය.ඇය පිළිගැනිමට ඊයේ සිටම කිරිබත් රැගෙන මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිරිසක් මහ නගර සභාවට පැමිණෙන බවට  කසුකුසුවක්ද විය.මේ කටයුතු සංවිධානය කරන්නට වලි කෑ ඇතැමුන් ලංසා පවුල් පාලනය තුල කදිමට හුරතල් වුවන් ලෙසින්ද මිගමුවේ ප්‍රකටව තිබේ

කෙසේ වෙතත් ජනපතිගේ චාම් වැඩ භාර ගැනිම ලෙෆ්ට් කරමින් අද අමුතුම ආකාරයේ වැඩ භාර ගැනිමේ උත්සවයක් මිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරියගේ කාමරය තුල සිදුව තිබුණි.

එය සැබැවින්ම පවුලේ සහ ලගම හිතවතුන් සමගින් පැවැති උපන් දින සාදයක් සේද පෙනි ගියේය .IMG 20250108 WA0097 1

ඒ සදහා ඇගේ ස්වාමිපුරුෂයා මෙන්ම පවුලේ බොහෝ දෙනෙකුද මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  පිරිසක්ද එක්ව සිටියහ.

ඇය වැඩ භාරගත්තේ මිගමුව ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය තුලදි නොවන බව ඇයට මෙන්ම අනික් අයටද අමතකව ගොස් තිබුණා වැනිය.

එමෙන්ම ඇය මේ වැඩ භාරගැනිම සිදුකර  තිබුනේ ජාතික ජන බලවේගයේ චාම් ප්‍රතිපත්තිවලටද පටහැනිව බවද ඇයට මෙන්ම ඇගේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවක සේවිකා මිතුරු මිතුරියන්ටද  අමතක විමද සැබැවින්ම පුදුමයකි.

මෙය එහෙම පිටින් වෘත්තිය සදාචාරය තඹ පයිසෙකට මායිම් නොකල තත්වයකි.ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන් වෙනත් ආයතනයක් තුලට ගොස් එහි වැඩභාරගන්නා  ප්‍රධානියගේ කාමරයක් තුල මෙසේ ජෝගි නැටිම ගැන මිගමුව ප්‍රාදේශිය ලේකම් වරියට කියන්නට ඇත්තේ කුමක්ද ?

කලාස් 01 නාගරික කොමසාරිස්වරියක් සිය වෘත්තිය සදාචාරයට පටහැනිව කටයුතු කරමින් මෙවැනි භාරධුර කටයුත්තක වගකිම් භාර ගැනිම සිදුකර තිබුන අකාරය සැබැවින්ම තර්ඩ් ක්ලාස් ගනයට වැටි තිබිම ගැන අඩුම තරමින් ඇයටවත් නිනව් නැතිදැයි අපෙන් අසා සිටියේ නම සදහන් කිරිමට අකැමැති වු මිගමුවේ මාලිමාෙව් ක්‍රියාධරයකි.IMG 20250108 124917IMG 20250108 WA0098

නාගරික කොමසාරිස් ධුරය වෙනුවෙන් වැඩ භාර ගැනිමේදි ඇය හෝ ඔහු සේවය කළ කලින් ආයතනයේ අය පැමිණ ඔවුන්ට ඕනෑ ලෙසින් පිළිගැනිම් සංවිධානය කිරිමක් ගැන නම් මෑත ඉතිහාසය තුල අසා නැතිවා වන්නට පුලුවන. ආයතනයක වැඩ භාර ගැනිමකදි එකි නිලය දරන අය  අසලින් බොහෝ විට සිටින්නේ එම ආයතනයේම ප්‍රධානින්ය.
එහෙත් අද මේ සිදුවිමේදි මහනගර සභාවේ ප්‍රධානින් මෙසේ එක්ව සිටියේද යන්නද සැක සහිතය

මෙය සැබැවින්ම  පවුලක සහ සමිපතයන්ගේ සාදයක ස්වරූපයක් ගෙන තිබිම ගැන දැනටමත් මිගමුවේ දේශපාලන කව අතර පවා විවිධ කථා පැතිර යන්නට පටන් ගෙන තිබේ

මේ ගැන මිගමුවේ මාලිමාවේ ක්‍රියාකාරින් කියන්නේ මොනවාදැයි අප දැනගැනිමට අතිශය කැමැත්තෙන්  සිටින්නෙමු .මෙම ක්ලාස් 01 කොමසාරිස්වරියගේ මිගමු සම්ප්‍රාප්තිය පිටුපස ගම්පහ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකු සිටින බවට ද  කසුකුසුවක්ද පවති

ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ කුමක්දැයි දැන් වඩාත් පැහැදිලිය

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here