පුරවැසි සමාජයක් නැති මිගමුවේ මේ මුදල් නාස්ති වලට වගකියන්නේ කව්ද ?

0
12

මීගමුව නගරයේ සතිපොල තැබැරුම්වත්තේ ඉදිකරන්නට නියමිතව තිබුණ ගොඩනැගිල්ලක් වෙත ගෙන යාමට යැයි කියමින් නිමල් ලංසා ප්‍රමුඛ නඩය මිට වසර ගණනාවකට ඉහත රුපියල් ලක්ෂ 150 කටත් වඩා මුදලක් වැය කරමින් ඇරඹි ව්‍යාපෘතියක් අතරමග නවතා දමා වල්බිහි වන්නට හැර දමා තිබේ.

මෙම ඉඩම පිහිටා ඇත්තේ මීගමුව නගර මධ්‍යයේ පිහිටි කැල්ටන් ආපන ශාලාව පිටුපසය.

පුරවැසි සමාජයක් නැති මිගමුවේ මේවා ප්‍රශ්ණ කරන්නට කිසිවෙක් නැති බව ඉතා පැහැදිලිය.

මේ නිසාම දේශපාලකයන් කිසිදු බියකින් තොරව හිතුමනාපෙට පසුගිය කාලය පුරාම රු කෝටි ගණනින් මිගමුව තුල සංවර්ධනය නාමෙන් විනාශකර හමාරය.

කණගාටුවට කරුණ නම් මෙවා ගැන ප්‍රශ්ණ කරන්නට කිසිදු සිවිල් සංවිධානයක් හෝ ආගමික නායකයන් පෙරට නොපැමිණිමය.

Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

මීගමුව රාත්‍රිපොල ඉදිකරන්නට යැයි කියමින් කඩිමුඩියේ මීගමුව නගර මධ්‍යයේ පිහිටි තැබැරම්වත්තේ තට්ටු ගොනැගිල්ලක් ඉදිකිරිම සදහා කොත්ත්‍රාත්කරුවන් හට පවරා තිබුනේ මිට වසර ගණනාවකටත් පෙරය .
ඒ නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකුව සිටියදිය.

ආර්ථික කටයුතු අමාත්‍යංශයේ දෙන්නම් කාසි ව්‍යාපෘතියක් වු මේ සදහා ඇමති ලංසා වගකිම් දරු පළාත් බල ප්‍රවාහන අධිකාරිය විසින් එහි මුලික මුදල් යොදවා තිබුණි.

මීගමුව නගර මධ්‍යයේ පිහිටි කැල්ටන් හෝටලය පිටුපස ඇති හිස් ඉඩම හදුවන්වනු ලබන්නේ තැබැරම්වත්ත ලෙසිනි.
මුලින්ම තට්ටු දෙකකට යැයි කියමින් ඇරඹි මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් අතිදැවැන්ත මුදලක් යටකරමින් අත්තිවාරම් දැමු පසු යළිත් ඇමති නිමල් ලංසා උපදෙස් දි තිබුනේ එය තනි තට්ටුවට සාදන ලෙසය.
මෙහි තාක්ෂණික උපදෙස් භාරව සිට ඇත්තේ DCL නම් වු සමාගමකි.

කෙසේ වෙතත් කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු මගින් සිදුකරන ලද මේ ඉදිකිරිම් දැන වල් වැදි යන්නට පටන් ගෙන වසර ගණනාවක සිටය
එපමණක්ද නොව නගර මධ්‍යයේ දුරාචාරය පතුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවටද පත්ව ඇත්තේය.
වාර්තා වන අන්දමට මෙහි අස්තමේන්තු ගත මුදල ලක්ෂ 1000 ක් පමණ විය

ඒසා විශාල මුදලක් වැය කරන්නට බලාපොරොත්තුවන ව්‍යපෘතියක් කිසිදු සැලැස්මක් නැතිව කරන්නට යාම නිසා මේ වනවිට මහජන මුදල් මිලියන ගණනක් අපතේ ගොස් තිබේ.

මේ විනාශයට වගකියන්නේ කව්ද ?