පුරාවස්තු ගැන නොදන්නා පොලිසියක් සහ නගර සභාවක්?

0
110

මීගමුව නගරයට ආවේනික වු සංස්කෘතික උරුමයන් රැකගැනිම අද පැහැදිලි ගැටළුවක්ව ඇත්තේ ඒවායේ අගය ගැන පමණක් නොව ඒවා සුරැකිමට අදාල නීති ප්‍රතිපාදන ගැනවත් කිසිදු දැනුමක් මීගමුවේ ආයතන පද්ධතියේ නිළධාරින් වෙත නොමැති බැවිනි.
නිදසුනක් ලෙසින් ඉපැරණි විදි ලාම්පු කුළුණක් පසුගිය දිනක මාළු ලොරියක ගැටිම නිසා කැඩි බිදි ගොස් තිබුණි.
පොලිසිය විසින් මේ ලොරි රථයේ  රියදුරා  නිදහස් කර තිබුණ අතර ලොරිය තවමත් පොලිසිය භාරයේය.
මේ සිදුවිම සමබන්ධයෙන් අප මැදිහත්විම ආරම්භ කිරිමත් සමගින් වැටහුණු එක් කරුණක් වුයේ මේ විනාශව ගොස් ඇති පෞරාණික වටිනාකමක් සහිත විදි පහන් කුළුණ ගැන ඒ වනතුරුත් කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් ඒ බැව් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත දන්වා නොතිබුණ බවය.
පුරාවිද්‍යා නිළධාරින්ගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔවුන් පවසා සිටියේ මෙවන් අනතුරුක් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුවකට සිදුකර ඇත්නම් එයට සම්බන්ධ කිසිවෙකු හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව නිදහස් කිරිමට පොලිසියට බලයක් නැති බවය.
මෙවන් පසුබිමක මීගමුවේ පුරාවස්තු රැකගැනිම සදහා දැනුවත් මහජනයා සහ ආයතන වෙත පැවරෙන වගකිම අති මහත්ය.
එවන් වතාවරණයක් නොමැති පසුබිමක මීගමුවේ කොටුව පිට්ටනිය අසල තිබු පැරණිම නගර සභා ගොඩනැගිල්ල අබිලි ද්‍රව්‍ය සදහා කඩාදැම්මේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුනේ පිට පිට දෙවතාවක්ම බස්නාහිර පළාත් සභාවේ සංචාරක ඇමතිධුරය හොබවන ලංසා පවුලෙන් විම දෛවයේ කිනම් සරදමක්ද??

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here