පුලුවන් නම් හෙට විරෝධතාවක් කරල පෙන්නන්න ..රොයිස්ගෙන් ලංසාට අභියෝගයක් ????

0
76

nimal-supportes-31බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා විසින් සමාජ සේවා නියෝජ්‍ය ඇමතිවරයා එරෙහිව පවරා තිබුණ නඩුවේ මීලග නඩුවාරය හෙට (2015/02/23)දිනට යෙදි ඇත
මීට පෙර පැවැති නඩු දිනයේදි ඇමති නිමල් ලංසා විසින් කාන්තාවන් විශාල පිරිසක් උසාවිය ඉදිරියට රැගෙන විත් තිබුනේ රංජන් රාමනායකව වටකරගෙන විරෝධය පළකරන්නට යැයි ඔහු මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණි.
මැෂින් බෙදා  දෙනවා යැයි කියමින් එදා රැස්කරන්නට යෙදුන කාන්තාවන්ව හෙටත් ගෙන එන්නට ලංසාට හැකිවෙයිද ????
මීට සුළු වේලාවකට පෙර මීපුර වෙබ් අඩවිය අමතා කථා කළ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා පවසා සිටියේ හැකි නම් ඇමති රංජන් රාමනායකට එරෙහිව විරෝධය දක්වන්නට කාන්තාවන් ගෙන එන්නට යැයි තමන් ඇමති නිමල් ලංසාට අභියෝග කරන බවයි.