පුවත් වෙබ් අඩවි කලාවට ආචරධර්ම….. ?

0
96

asin mirrorනයිනළගනට තාම පැටියා ලැබි නෑ= මෙම සිරස් තලය යොදා තිබුනේ එෂියන් මිරර් නැමති වෙබ් අඩවිය විසිනි.බැලු බැල්මට පුවත් වෙබ් අඩිවයක් සේ පෙනි ගියද මේ පුවත සම්බන්ධයෙන් යොදා ඇති සිරස්තලය දුටු විට හැගි ගියේ අප රටේ වෙබ් මාධ්‍ය කලාව මුහුණ දෙමින් ඇති අභියෝගයයි.
එක් පැත්තකින් රජය විසින් විවිධ ආකාරයේ බාධා පමුණුවමින් ජනතාව අතරට අන් මාධ්‍ය විසින් මතුනොකරන බොහෝ දැ ගැන විශේෂයෙන්ම පුවත් වෙබ් අඩවිය පුවත් පළකරති.
මේ නිසාම ප්‍රධාන ප්‍රවාහයේ බොහොමයක් මාධ්‍යයන් විසින් ස්වයංවාරණ අභ්‍යායසයක යෙදිම හේතුවෙන් ජනතාව අතර නොයන පුවත් වේගයෙන් ඒ අය කරා ගෙන යනු ලබන්නේ මේ පුවත් වෙබ් අඩවි විසිනි.
මේ නිසා දැන් එවන් පුවත් වෙබ්  අඩවි වලට බාධා පමුණුවන්නට පටන් ගෙත තිබේ.
මේ අතර පුවත්  වෙබ් මාධ්‍ය කලාවට එල්ලව ඇති ඊලඟ අභියෝගය වන්නේ ලංකාව තුල ක්‍රියාත්මක බොහෝ වෙබ් අඩවිවලට අදාලව කිසිදු වෘත්තිය ආචාර ධර්ම පද්ධතියක් නොතිබිමයි.
මේ නිසාම පුවත් වෙබ් අඩවි කලාවට කසිකබල් වෙබ් අඩවි යැයි නම්කරන්නට මේ කමකට නැති වෘත්තිය ආචාර විරෝධ වෙබ් මාධ්‍ය කලාව හේතුවි තිබේ.
මේ අතින් ගෙන බලන කළ එෂියන් මිරර් වෙබ් අඩවිය විසින් යොදා ඇති සිරස් තලය විවිධ මර්ධනයන් යටතේ ක්‍රියාත්මක පුවත් වෙබ් අඩවි මාධ්‍ය කලාවට පහර දිම සදහා සපයා ඇති හොද ආයුධයකි.
කතකට දරු ප්‍රසුතියක් ලැබිම අරුමයක් නොවේ.දරුවෙකු ප්‍රසුත කරන්නට සිටින මවකට නයි නළඟන යැයි කිමෙන් ඇය ප්‍රසුත කරන්නට සිටින දරුවාවද පැටියෙකු කර තිබේ.
ආචාරධාර්මික මාධ්‍ය කලාවක නියැලෙන කිසිවෙකුටත් මෙවන් අශික්කිත භාෂාවක් යොදාගැනිමට ඉඩක් නැත.
මේ අතර අද පාර්ලිමෙන්තුව වෙත යෝජනාවක් ගෙන එමින් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා ශ්‍රි ල’කාවේ පුවත් වෙබ් අඩවි වලට රජය විසින් කරන ලද වාරණය ගැන ප්‍රශ්ණ කර සිටියේය
පුවත් වෙබ් අඩවි අටකට අන්තර් ජාල සේවාවාන් හරහා පිවිසීමට සිදුකර ඇති බාධාවන් හා අවහිරතා සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තු විවාදය පැවැත්වුණි.එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් ඉකුත් මැයි 23 වැනිදා සභාව කල්තබන අවස්ථාවේදී කරන ලද යෝජනාවකට අනුව මේ විවාදය පවත්වා තිබේ.

ශ්‍රී ලංකා මිරර්  වෙබ් අඩවියද ඇතුළුව ටැමිල් නෙට්, ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ලංකා ගර්ඩියන්, කල්ම්බෝ ටෙලිග්‍රාෆ්, ජැෆ්නා මුස්ලිම්ස් හා ද ඉන්ඩිපෙන්ඩන්ට් යන පුවත් වෙබ් අඩවි වලට පිවිසීමට මේවන විට බාධා කර තිබේ.මෙසේ බාධා කිරීමට ලක්වූ වෙබ් අඩවි අතරින් ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා මිරර් හා ද ඉන්ඩිපෙන්ඩන්ට් යන වෙබ් අඩවි දෙක පමණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here