පුෂ්පිකා ගේමට බසී – රාජා ජුවෙලර්ස් කැරොලයින්ගේ දැන්වීම ගලවයි !

0
255

වත්මන් ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වෙතින් තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමට මෙවර ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළු පළඳි පුෂ්පිකා ද සිල්වා කටයුතු කර තිබේ. ඇයට ඒ සඳහා ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරියේ ද සහය පලවී ඇති බවත්, එහිදී කැරොලයින් ජූරිට අනුග්‍රහය දක්වන ආයතන හා සමාගම්වලට ද බලපෑම් එල්ල වී ඇති බවත් වාර්තා වේ.    අප වෙත වාර්තා වන පරිදි, කැරොලයින් ජූඩ් ගේ රුව රැගත් සිය ප්‍රචාරක දැන්වීම් වහාම ඉවත්කර ගැනීමට රාජා ජුවෙලර්ස් සමාගම කටයුතු කරමින් සිටියි.  

අප්‍රේල් 4 වෙනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය අවසානයේ, ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිස එම ස්ථානයෙන් නික්ම යාමත් සමග, වේදිකාව මතට නැඟි 2019 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ කැරොලයින් ජූරි නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුෂ්පිකා “දික්කසාද වූ තැනැත්තියක් නිසා කිරුළ දැරීමට නොසුදුසු” බවය.   “විවාහක රූ රැජින වෙන්න ඕනේ විවාහක කෙනෙක් මිස දික්කසාද වුණ කෙනෙක් නෙමෙයි.

ඒක නිසා කිරුළ ලබා දෙනවා දෙවෙනි ස්ථානය ලැබුණු තරගකාරියට” යැයි පැවසූ කැරොලයින් ජයග්‍රාගී තරගකාරියගේ කිරුළ ගැලවීමට උත්සහ කරන විට විලාසිතා නිරූපණ ශිල්පිණියක වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ ද එම ස්ථානයට පැමිණ එම ක්‍රියාවට හවුල්විය.   මෙහිදී තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව පුෂ්පිකා ද සිල්වා පොලිසිය වෙත පැමිණිලි කර තිබිණ.       

හඩපටයක් https://www.facebook.com/watch/?v=176299374332956&t=6



  පුෂ්පිකා ද සිල්වා විසින් කර තිබු පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා ලෝක විවාහක රූ රැජින කැරලයින් ජූරි අද පෙරවරුවේ ඇයගේ නීතිඥයන් ද සමග කුරුදුවත්ත පොලිසියට පැමිණ සිටියේය.   මේ අතර මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ ඇය විසින් කිරුළ ගලවා එම කිරුළ යළි පළදවන ලද තරගාවලියේ දෙවැනියා වූ ආශා බස්නායක කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද බවයි.    

WhatsApp Image 2021 04 06 at 4.09.54 PM                              තාරානාත් බස්නායක සහ බිරිඳ – නාමල්    සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් මතුව තිබේ.   මේ අතර ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් සිය ෆේස්බුක් පිටුවේ මිට අදාළව සටහන් කිහිපයක් ම පළකර ඇත.   එවැනි එක් සටහනක මෙසේ සඳහන් වේ.      ”ඒ පාර අර first runner-up වෙලා, පස්සෙ දිනපු කෙනාගෙන් ගලවල ක්‍රවුන් එක ඔලුවට දම්මවපු නම්කි – පොහොට්ටු මන්ත්‍රී තාරනාත් බස්නායකගෙ බිරිඳ – ෆේස්බුක් එකෙනුත් ගිහින්. එයා එයාට ජාතියට සේවයක් කරන්න ඕනෙ කියල කතාවකුත් දුන්න. එයාටත් කරේ අසාධාරණයක්. එයාටත් දීල ගත්ත. අවමන් කිරීමක් ඒක. එයාටත් පුලුවන් අපහාස නඩුවක් දාන්න.       ”දැන් කතාවක් යනව කැරොලයින් අරක ගලවල දෙවැනියට දැම්මෙ, දිනපු කෙනා පොහොට්ටුවෙ නිසා පලිගන්න කියල. බයියෝ තමා ඒ කතාව කියන්නෙ. ඉතිං දෙවැනිය වෙලා ගලවපු එක දැම්ම කෙනත් පොහොට්ටුවේ කෙනෙක්නෙ මිතුරනි. මේ ඉන්නෙ එයා ?

Screenshot 2021 04 06 at 21.24.46

        ඩිවෝස් උනොත් “Mrs” ආපහු “Miss” වෙනව. එතකොට ඩිවෝස් වෙච්ච කෙනෙකුට Miss World එකට තරඟ කරන්න බැරිද?

?

#දැවෙන_ප්‍රශ්ණ  

Screenshot 2021 04 06 at 21.26.12

    උවිඳු කුරුකුලසූරිය සිය එක් සටහනකින් කියා සිටින්නේ, කිරුළ පුෂ්පිකාට ලබාදී ඇති බැවින්නැවතත් ‘පොල්තෙල් – සීනි – පරිසර කතා පටන්ගමු කියයි.  

168472363 10223344933984338 890837779877836435 n

     අරක ආපහු දිනපු කෙනාටම දීල! දැන් ඔය ළමයි ආපහු, පරිසරය, ස’ පොල් තෙල්, ස’ සීනි වගේ ඒවට මාරු වෙන්න. නැත්තං ආපහු දුන්න  නම්කිත් එක්ක විල්පත්තුවවත් රකින්න යන්න.  

Screenshot 2021 04 06 at 21.22.29

theleader.lk