මීගමුවේ කුරණ පිහිටි එක්තරා ආපනශාලාවකට ගිය අපි වඩ ඉල්ලා සිටියෙමු.
එහි සේවකයෙකු කෑම ඇල්ලිම සදහා පාවිච්චි කළ යුතු උපකරණයක් භාවිතා නොකරමින්ම වඩ 4 ම අතින් අල්ලා කොලයක ඔතා දිමට සැරසෙද්දි මා විමසා සිටියේ ඇයි අතින් අල්ලන්නේ කියාය.
සේවකයා ඔලුව කසමින් කියා සිටියේ උපකරණය තිබුන දාපු තැන මතක නැතැයි කියාය.
මම නැවැතත් විමසා සිටියේ ඇත්තට එහෙම එකක් තියෙනවාදැයි විමසමිනි.
එවිට එහි පැමිණි මුදල් ගන්නා කළමණකරු යැයි සිතිය හැකි කෙනා කියා සිටියේ කෝසෙප් එක තියෙනවා ඇයි ඒකක් ඕනෙදැයි කියාය.
පසුව මම ඔවුන් ගෙන් විමසා සිටියේ මෑතකදි මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් සංවිධානය කර තිබුණ වැඩමුළුවට ගියාද යනුවෙනි.
අපි නම් ගියේ නැ මුදලාලි යන්නට ඇති යැයි වඩ අතින් අල්ලා කොලේ එතු සේවකයා පිළිතුරු දුනි.
වඩ ටික රැගෙන නිවසට යමින් සිටි මගේ හිත කිව්වේ මේ ආපනශාලවේ මේ වැරද්ද නිසි ලෙස යළිත් පෙන්වා උපකරණයකින් ම අල්ලා වඩ ඔවුන් ලවාම ගත යුතු බවය.
මම යළිත් වාහනය හරවාගෙන අදාල ආපන ශාලාවට ගොස් එහි සිටි කළමණාකරුට කියා සිටියේ පාරිහෝගිකයෙකු පැමිණිල්ලක් කළ විට එය මහත්තයෙකු ලෙස පිළිගෙන වැරැද්ද හදාගැනිමට පුරුදු වන ලෙසය.
මම මෙතන්ට ආවේ වඩ ගන්න මිසක් වඩ අල්ලන කෝසෙප් ගන්න නෙමේ යැයි ද අවධාරණය කර සිටියෙමි.
එහෙත් ප්‍රතිචාර පෙර පරිදිමය.
ඔවුන් අතින් කිසිදු වැරැද්දක් නොකළ ගානටය ප්‍රතිචාරය.
ඉතින් අපට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් අසන්නට වන්නේ ඔබ පුහුණු කළ යුත්තේ සේවකයන්ද?මුදලාලිවද?නැතිනම් කළමණාකරුවද යනුවෙනි.?