පෙබරවාරි 03 වැනිදායින් පසු අපි නගර සභාවේ තවත් දුෂණ හෙළිකරනවා !

0
58

aeu2xlk88r_right_to_information_rti_bill1මීගමුව මහනගර සභා පාලනයට අදාලව පසුගිය කාලය පුරාවටම ක්‍රියාත්මක වු අතිදැවන්ත වංචා හා දුෂණ පිළිබදව වගකිමකින් යුතුව රටට හෙළිකළ එකම මාධ්‍ය බවට මීපුර පත්ව තිබිම පිළිබදව මේ වන විටත් විවිධ ඇගයුම් ලැබෙමින් පවති.
පසුගිය දිනක මීගමුව කොටුප පිට්ට්නියේ පැවැති සැදැහවත් ජනයාගේ අතිමහත්වු ගෞරවයකට බදුන්ව ඇති කඳුළ වැඩසහටන පවත්වමින් චාර්ලස් සහෝදරයාද මේ බව සදහන් කර තිබුණ බැව් අප දනිමු.
ඔහු එහිදි කියා තිබුනේ මීගමුවේ නිර්භීතවම ඇත්ත කථා කරන්නට ඇත්තේ  එක මාධ්‍යයක් පමණක් බවය.
පැවැති දුෂිත රාජපක්ෂ පාලනය පෙරළා දමන්නටත් මීගමුව තුල ක්‍රියාත්මක වු රාජපක්ෂ ඒජන්තලාටත් එරෙහිව කොන්දේසි විරහිත අරගයලක නියැලුණ අපගේ සටනේ තිරාණාත්මක තවත් සන්ධිස්ථානයක් ලබන පෙබරවාරි මාසයේදි සනිටුහන් විමට නියමිතය.
එදායින් පසු තරාතිරම නොබලා මීගමුවේ රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලකයන්ද විසින් සිදුකරන්නට යෙදුන  දැවැන්ත දුෂණ වංචා රැසක් හෙළිකිරිම සදහා මුල් පියවර තබන්නට සුදානමින් සිටින්නෙමු.