පෙබරවාරි 15 හලාවතට එන්න.

1
108

පුත්තලම් දිස්ති‍්‍රක්කය යනු මහජන විරෝධතාවන්හිදි වැඩිම පිරිසක් ඝාතනයට ලක්වු දිස්ති‍්‍රක්කය වන්නට පුළුවන.මෙහි ආරම්භය වන්නේ 1994 පොදු පෙරමුණු රජය විසින් ඉරණවිල සාමකාමි විරෝධතාවකට  වෙඩි තබමින් බෙනට් නැමැති ධීවරයා ඝාතනය කිරිමෙනි.ඉන්පසු නොරොච්චෝලේ තාප බලාගාරයට එරෙහිව සංවිධානය කෙරුන සාමකාමි මහජන විරෝධයට වෙඩි තබමින් සෝමසිරි නම් වු දෙදෙරු පියෙකු වෙඩිතබා ඝාතනය කෙරුන අතර තවත් කිපදෙනක් මෙහෙදි දරුණු තුවාල යන්තම් දිවි ගලවාගෙන තිබුණි.
පොදු පෙරමුණු රජයේ තෙවනි බිල්ල වන්නේ භූමිතෙල් මිල ඉහල දැමිමට එරෙහිව බටහිර සහ වයඹ වෙරළ තිරයන්හි සුළු ධීවරයන් විසින් දියත් කළ සාමකාමි විරෝධතාවන් එරෙහිව  දරුණු මර්ධනයක් කි‍්‍රයාත්මක පොලිසියේ ම්ලේච්ජ ප‍්‍රහාරයකට ලක්ව ඇන්ටනි ප‍්‍රනාන්දු දෙදරු පියෙකු 2012 පෙබරවාරි 15 වෙනිදා ජිවිතයෙන් සමුගැනිමයි.

මෙම වෙඩිතැබිම්වලදි මරාන්තික තුවාල ලැබු ජේසුමරිය කිංග්ස්ලි නම් වු සිව්දරු පියෙකු සිය පවුලේ බර තම පුතු කරට ගෙන කටයුතු කරන අයුරු දරාගත නොහැකිවු තැන සිය නිවසේදිම ගෙලවැල ලාගෙන මිය ගොස් තිබුණි.

ගෙවුන සියළු පාලනයන් මෙසේ තර්ජනයට ලක් කර ඇත්තේ ජිවත්විමේ අයිතිය සහ හඩනැගිමේ නිදහසයි.

විසම්මුතිය නොඉවසන පාලකයා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොදනි.ඔවුන්ගේ පිළිතුරු දවටා ඇත්තේ උණ්ඩයක් තුලය.???

සමාජය තුල සාමය සහ යහපාලනය සදහා යෝජනා ඇතුලත් රජය විසින්ම පත්කරනු ලැබු උගත් හා ප‍්‍රතිසංධාන කොමිසම යෝජනා කඩිනමින් කි‍්‍රයාත්මක කළ යුතුව ඇත්තේ එබැවිනි.
ඉහත අරමුණු පෙරදැඩිකරගෙන ඝාතනයට ලක්වු ධීවර ක්‍රියාකාරි ඇන්ටනි මහතාගේ පළමු සමරුව යෙදෙන 2013 පෙබරවාරි 15 වනදා සවස 2 ට හලාවත නගරයේ විරෝධතාවක්ද ඉන්පසුව 3.30 ට හලාවත සුදසුන ශලාවේ රැස්විමක්ද සංවිධානය කිරිමට නිදහසේ වේදිකාවේ පුත්තලම් දිස්ත්‍රික් කිමිටුව තීරණය කර ඇත.