පෙරියමුල්ලේ කුණුගොඩ ඉවත් කෙරේ!ආයේ දැම්මොත් දැඩි දඬුවම් !

0
101

tmp_19742-IMG-20170618-WA0000-322551279පෙරියමුල්ලේ ප්‍රදේශයට හොර රහසින් පැමිණ කුණු දමා යාම හේතුවෙන් පසුගිය කාලය තුල එහි කුණු ගොඩක් නිර්මාණය වි තිබුණි.මේ කුණුගොඩ පිළිබදව පුරවැසි මාධ්‍යවේදීයෙකු වන මුනියර් මහතා නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිමින් අවස්ථා ගණනාවකදිම බලධාරින්ගේ අවධානයට මේ ප්‍රශ්ණය යොමුකර තිබුණි.මේ අතර සිරස සහ TV 01 මාධ්‍යවේදී සහජාන් මහතාද කදිම පුවත් වාර්ථාවක් පසුගිය දිනක සිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවා තිබුණි.කෙසේ වෙතත් මෙහි කුණු ඉවත් කිරිම පිලිබදව ගැටලු මතුව තිබුනේ මෙසේ හොරෙන් කුණු ගෙනවිත් දැමිම නතර කරලිමට දෙන පණිවඩියක් ලෙසින් බව අප කල විමසුමකට පිලිතුරු දෙමින් මහජන සෞඛ්‍යපරික්ෂකවරුන් කියා සිටියහ.කෙසේ වෙතත් මේ කුණුගොඩේ පවතින තත්වයද සැලකිල්ලට ගෙන නගර සභාව විසින් දැන් එය ඉවත් කරන්නට පටන් ගෙන තිබේ.