පෙරියමුල්ලේ ගව ඝාතකාගාරයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

0
298

 

මීගමුව පෙරියමුල්ල ශාන්ත ඇන්තනී පාරේ නුදුරින්ම පිහිටි ස්ථානයක  ගවයින් ඝාතනය කිරීම සහ එම ගවයින් නීතිවිරෝධී ආකාරයට ගෙනවිත් තබාගෙන වරින් වර අමානුෂික ලෙස ඝාතනය කරන බවට ප්‍රෙද්ශවාසීන් චෝදනා කරයි. ඊයේ රාත්‍රිය පුරාම ගවයෙක් මර හඬින් කෑගසමින් සිටින ශබ්දය තමන්ට ඇසුණ බවත් උදේ බලන විට එම ගවයා බැද සිටි ලණුවත් සමගම මියගොස් ඇති බව දුටු ගම්වාසියෙක් මේ සම්බන්ධයෙන් මීගමුව පොලීසියට පැමිණිලි කර තිබේ. මෙම ගවයින්ගේ ගෙල සිරකර බැද තබා මියයන්නට සලස්වන බව අසල්වාසීන්  සැක පළකරයි. මෙම ස්ථානයේ විශලා වශයෙන් ගවයින් සිටින අතර ඔවුන් ද මරා දමන්නට ගෙනෙන අතර මෙය නීතිවිරෝධී ගව මස් ඡාවාරමක් බවත්, ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිතව මෙවැනි  සත්ව ඝාතන සිදුකිරීම සුදුසු නොවන බවත් ඔවුන් පවසයි.  මේ සම්බන්ධයෙන් මීගමුව පොලීසියේ අවධානය මේ වනවිටත් යොමුවී ඇති බව වාර්තා  වේ.