පෙරියමුල්ලේ ඝාතනයට සම්බන්ධව පොලිසියට භාරවුන මැරයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනිම දිගටම ?

0
141
IMG-5df4b8f47e71c2b496d991658721fd45-V
අනසාර් හෝටලයේදි ඝාතනයට ලක්වු මොහොමඩ් අසිස්

මීගමුවේ පෙරියමුල්ලේ අන්සාර් හෝටලයේදි  පුද්ගලයන් පිරිසක් කළ පහරදීමකින් එහි සේවකයකු මිය ගොස් සහ එහි හිමිකරු ඇතුළු තිදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් 6දෙනෙකු පොලිසියට බාරවීමෙන් පසු අද(10) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගැනිම අද දහවල් සිට තවමත් සිදුකරමින් පවතින බව අපගේ ආරංචි මාර්ග සදහන් කර සිටි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන, කිඹුලාපිටිය හා කටුවැල්ලේගම ප්‍රදේශවල පදිංචිකරුවන් 6දෙනෙකි.

ඊයේ(09) රාත්‍රියේදී හෝටලයේදී ඇති වූ අරාවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති අතර, සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, මොහමඩ් අසීස් නමැත්තෙක් වන අතර ඔහු තිදරු පියෙකි.
පහරදීමෙන් තුවාල වූ පුද්ගලයකු කොළඹ ජාතික  රෝහලට මාරු කර ඇත.

අයිස්
මොහොමඩ් අසීස්

 

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here