පෙරියමුල්ලේ දී , හැමිල්ටන් ඇලට මෝටර් රථයක් වැටේ. එක් අයෙකුට අසාධ්‍යයි.

2
63


මෙම මෝටර් රථ අනතුර සිදු වී තිබුනේ පසුගිය නොවැම්බර් 17 වැනි බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාති‍්‍ර 11.50 ට පමන මීගමුව පෙරියමුල්ල මහා නගර සභා පොදු සුසාන භූමිය (මඤ්ඤොක්කා හේන) ආසන්නයේ ඇති පාලම අසලදීය.

මීගමුව, ඒත්තුකාල සංචාරක හෝටල් පෙදෙසේ සිට පෙරියමුල්ල දෙසට අධික වේගයෙන් ධාවනය කිරීමේදී මෙම කාර් රථය එම පාලම් බැම්ම ද කඩා බිද ගෙනම හැමිල්ටන් ඇල තුලට වැටී තිබේ. මෙම අනතුර සිදු වන අවස්ථාවේ මීගමුව ඇතුඵ ආශී‍්‍රත ප‍්‍රදේශවලට මහා වැසි ඇද වැටී එම වර්ෂාව තුරල්ව ගොස්  එම මාර්ගයේ ද වැසි ජලය එක් රැස් ව රැදී තිබූ බවද වාර්තා වේ.

මෙම අනතුර සිදු වන අවස්ථාවේදී කාර් රථයේ අවුරුදු 18 සහ 19 වයස් වලින් යුත් තරුණයින් සිව් දෙනෙකු සහ එක් තරුණියක් සිටි බවද ප‍්‍රදේශ වාසීහු පවසති. වැඩි දුරටත් වාර්තා වන පරිදි මෙම තරුණයන් සිව් දෙනා හා  තරුණිය කදාන ,නාගොඩ ප‍්‍රදේශයේ පදිංදි කරුවන් වන අතර මීගමුව ඒත්තුකාල සංචාරක කලාපයේ පිහිටි හෝටලයක එක් දිනක් විනෝදයෙන් ගත කර ආපසු තම නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. අනතුරට ලක් වූ නවීන පන්නයට අයත් මෙම කාර් රථයේ අයිතිකරුගේ ලිපිනය සදහන් වී තිබුනේ සියඹලාපේ , මීගහවත්ත යනුවෙනි.

හැමිල්ටන් ඇලට වැටී තිබූ මෙම කාර් රථයේ සිටි පිරිසව ප‍්‍රදේශ වාසීන් විසින් මහත් පරිශ‍්‍රමයක් දරා ගොඩට ගෙන ඇති අතර පසුව ඔවුන් ව ඒ අවස්ථාවේදීම මීගමුව රෝහලට ප‍්‍රතිකාර පිනිස යවා තිබේ. එම පිරිසෙන් අසාධ්‍ය තත්වයේ පසුවූ තරුණයින් දෙදෙනෙකු පසුව මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට පසු දින එනම් නොවැම්බර් 18 වැනි සිකුරාදා අඵයම් කාලයේදී කොළඹ, ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට යවා තිබේ. ඒ රකිත ගිහාන් හා චතුරංග නැමැති 19 හැවිරිදි තරුණයින් දෙදෙනාවයි. ඉන් එක් අයෙකු ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවද පසුව වාර්තා විය. හැමිල්ටන් ඇලට වැටී තිබු මෙම කාර් රථය ගොඩ ගැනීම නොවැමිබර් 18 වැනි සිකුරාදා දින පෙවරුවේදී සිදු විය.
මේ අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන මීගමුව රථවාහන පොලිසිය පවසන්නේ බීමතින් සිටි මේ පිරිස අධික වේගයකින් මෙම රථය ධාවනය කිරිමේදී එය හසුරාව ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි දැනට සැකකල හැකි බවයි.

2 COMMENTS

  1. tks, if you send us more info on the incident , it helps since we are trying bring the issue behind this accident, which is the Bumpper

    FG

    2011/11/23 Disqus

Comments are closed.