පෙරියමුල්ලේ නගර සභා ඉඩම් මනින්න ගිහින් සවුත්තු වුන මන්ත්‍රි කව්ද ?

0
91

පෙරියමුල්ල අබේසිංහපුර මහනගර සභාවට අයත් ඉඩම් වල තනා ඇති නිවාස වලට ඔප්පු ලබාදිමට යැයි කියමින් එක්තරා නාගරික මන්ත්‍රිවරයෙකු ගාරනා මෙහෙයුමකට අවතිර්ණව ඇති බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් වාර්තා වේ.

ඔහුගේ වැඩිම අවධානයක් යොමුව ඇත්තේ මේ ප්‍රදේශයේ පර්චස් 30 ක පමණ භුමි භාගයක ඉදිකර ඇති සුවිසල් නිවසක හිමිකරු කෙරෙහි බවද සැලය.
අනුන්ගේ ඉඩම් වලින් මුදල් හම්බ කිරිමට අංක එකේ රුසියෙකු වන ඔහු පළමු වරට මෝටර්රථයක් මිළට ගෙන තිබුනේද නගරයේ මෙවැනි ගරානා මෙහෙයුමකට අතගැසිමෙන් අනතුරුවය.

ඒ ඉඩම අයිතිව තිබුනේ දුම්රිය දෙපාර්තමේන්තුවටය.
දැන් පිට මිනින්දෝරුවෙකු කැදවා මැණුම් කටයුතු කරන්නට මේ මන්ත්‍රිවරයා මැදිහත්ව වන්නේ ඇයිදැයි පෙරියමුල්ල ප්‍රදේශවාසින්ද ඉතා හොදින් දනි.

මේ අතර නීතිය දත් ප්‍රදේශවාසියෙකු නාගරික කොමසාරිස්වරියගෙන් විමසා තිබුනේ මහනගර සභාවට අයත් ඉඩම් මැණිමට කාට හෝ බලය ලබා දි ඇත්තේදැයි කියාය.
ඇය පවසා තිබුනේ කිසිවෙකුට එවැනි බලයක් ලබා දි නැති බවය.

ඒ අනුව ක්‍රියාත්මක වු ප්‍රදේශවාසින් මැදිහත්වි අදාල මිණින්දොරුවරයා ආපසු හරවා යවා ඇත.
මේ ගරානා ගේම පිටුපස සිටින මන්ත්‍රිවරයා දැන් මේ නිසාම සිටින්නේ දුකෙනි.
ඒ මන්දයත් එකග වු සම්තින් එක ගැනිමට තිබුණ ඉඩ කඩ ඇහුරුනු නිසාය