මහජන සේවය සදහා යැයි කියමින් මුදල් හැකිතාක් එලියට ගැනිම ඒ සැමගේ එකම අභිලාෂය වි ඇත.
මේ අනුව පසුගිය දිනක පෙරියමුල්ල ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු ඔහු විසින් ලක්ෂ 4 ක මුදලක් පල්ලිය වෙනුවෙන් වැය කළා යැයි කියමින් ගිණුම් අංශයෙන් මුදල් ඉල්ලන්නට පටන්ගෙන ඇතැයි වාර්ථා වේ.
නියමිත පටිපාටින්ට අනුව නම් ඔහු ඒ සියල්ල වෙනුවෙන් බිල් පත් ඉදිරිපත් කළ යුතු අතර ඒවායේ ප්රතිලාභ ලැබුවන්ගේ ලයිස්තුවක්ද ඉදිරිපත් කළ යුතුය ඇත.
මේ මන්ත්‍රිවරයා විසින්ම මීට පෙර අවස්ථාවකදිද පෙරියමුල්ල කන්‍යාරාමයේ පිවිසුම් මාර්ගයට බොරළු දැමිම සදහා යැයි කියමින් විශාල මුදලක් නගර සභාවෙන් අනුමත කරගෙන තිබුණි.