පෙරියමුල්ලේ ”පොඩි ලංසා ”ටත් හයිබ්‍රිඩ් කාර් එකක් ?

0
355

Honda_CRZ_Hybrid_WAS_2010_9012සෙරෙප්පු පැළද පාපැදියකින් මිට වසර 10 කට පෙර මීගමුව මහනගර සභාවට පැමිණි තරුණයෙකු වු නිමල් ලංසා දැන් ප්‍රකෝටිපතියෙකි.
අප දන්නා තරමින් පුර්ණ කාලින දේශපාලනයේ නියැලි සිටි ඔහු කියා සිටින්නේ තමන් මුදල් හම්බකරගත්තේ විවිධ බිස්නස් හරහා බවය.
බයින් ඇන්ඩ් සෙලින් මේ එක බිස්නස් එකක් පමණක්ලු.
මේ ව්‍යාපාර කටයුතු කෙසේ වෙතත් නිමල් ලංසා අතදිගහැර පල්ලි පන්සල්වලට වියදම් කලේය.
මේ නිසාම පල්ලි පන්සල් වල ආගමික නායකයන් බොහොමකගේ ගෞරවයට ඔහු පාත්‍ර විය.
බල්ලෝ මරා හෝ සල්ලි හම්බකරගෙන ඒ සල්ලි වලින් ටිකක් වැය කර පින් කරගත් විට ඔහු දානපතියෙකි.
පෙරියමුල්ල ප්‍රදේශයේ ආණ්ඩුපක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකුද ලංසාගේ අඩිපාරේ යන්නට පටන් ගෙන තිබේ.
නිළනොවන ගණුදෙනු හරහා මුදල් හම්බකරගැනිම ඇතුලුව තවත් බොහෝ දේ කළද පල්ලියට පන්සලට මේ නාගරික මන්ත්‍රිවරයාද අතදිගහැර වියදම් කරයි.
ක්ලින් ෂුට් ඇද ටයි පටිය ගැටගැසුවේ නැතිවුවද දැන් ඔහු ලංසා අනුව යන්නට මුල් අඩි තබමින් සිටින බැව් පෙනේ.
මාසික රු 26000 ක වැටුපකට හිමිකම් කියන ඔහු මාසික වාරිකය රු 60000 කට ආසන්න වු සුපිරි හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් මිළට ගෙන දැන් සති දෙකකි.
මේ සතියේ මුල දිනයක මහනගර සභාවේ වාහනයකින්ම ඔහු මොටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටද ගොස් තිබුණි.
හොන්ඩා වර්ගයට අයත් මේ හයිබ්‍රිඩ් රථය මීගමුව මහනගර සභාව ඉදිරිපිට ඇති වාහන සේල් එකකින් මිළට ගෙන තිබුණි.