පෙරියමුල්ලේ මන්ත්‍රිලා තරඟෙට බෙහෙත් විදිති !

0
110

කොරෝනා පාලනය සදහා එන්නත්කරණය දැවැන්ත ලෙසින් දේශපාලනීකරණය වි ඇති ප්‍රධාන නගරයක් බවට පත්ව ඇත්තේ මිගමුවයි තරඟෙට මෙන් දේශපාලකයන් මාධ්‍ය සංදර්ශණ පවත්වමින් එන්නත්කරණය සංවිධානය කරති.
පසුගිය දිනක පෙරියමුල්ල ප්‍රදේශයේ පොහොට්ටුවට සම්බන්ධ දේශපාලකයන් ගැන තිදෙනෙකු විසින් තැන් තුනකදි එන්නත්කරණය සිදුකර තිබුණි.
මේ එක් අයෙකු රිෂාඩ් බදුර්ඩින්ගේ පක්ෂයෙන් මොණරා ලකුණෙන් තරග කොට මහනගර සභාවට පත්වු නාගරික මන්ත්‍රිවරයා වන ඊෂාක්ය.
රටේ දේශපාලන තුල පොහොට්ටුව විසින් දැඩි සේ පළිගන්නා දේශපාලකයෙකු බවට රිෂාඩ් පත්ව තිබුණද නිමල් ලංසා කිසිම දිනක රිෂාඩ් බදුර්ඩින්ට එරෙහිව පාර්ලිමේන්තුව තුල හෝ ඉන් පිටතදි වචනයක් කථා කර නැත.
එයට ප්‍රධාන හේතුව වන්නේ නිමල් ලංසා සහ රිෂාඩ් අතර පවතින දේශපාලන ඩිල් එකය.
යහපාලන ඇමතිවරයෙකු සිටි රිෂාඩ් මිගමුවේද සිය නාගරික මන්ත්‍රිවරයාගේ සහය ලබාදුන්නේ පොහොට්ටු නගරාධිපතිවරයෙකු පත්කරගැනිම සදහා නිමල් ලංසා හටය.
නිමල් ලංසා පාස්කු ප්‍රහාරය ගැන හොටු පේරාගෙන බෙරිහන් දුන් කිසිම දවසක රිෂාඩ් එරෙහිව වචනයක් හෝ නොකියන්නේ ඒ දෙදෙනා අතර ඇති ඒ් දේශපාලන ඩීල් එකනිසාය.

එඅනුව මිගමුවේදි නගරාධිපතිවරයා ලෙසින් නිමල් ලංසාගේ සහෝදරයාට ඔටුනු පැළදවිමට ශ්‍රිලනිපය සිය නාගරික මන්ත්‍රිධුර 6 ක් පුජා කරද්දි , නියෝජ්‍ය නගරාධිපතිධුරය නාම මාත්‍රිකව තබාගෙන සිටින පෙරියමුල්ලේ ෆරිස්ට රිදෙන්නට , මෙවර රිෂාඩ් ගේ නාගරික මන්ත්‍රි ඊෂාක්ට පෙරියමුල්ලේ එන්නත්කරණය වැඩසටහනේදි නගරාධිපති දයාන් ලංසා විසින් ප්‍රමුඛතාවය දි තිබුණි.
එපමණක් නොව නියෝජ්‍ය නගරාධිපති ෆරිස්ට තවත් දේශපාලන අභියෝගයක් ලබා දෙමින් පොහොට්ටුවෙන් ඡන්දයෙන් ඉල්ල පැරදුන තවත් මුස්ලිම් අපෙක්ෂකයෙකුටද පෙරියමුල්ලේ මුස්ලිම් පල්ලිය ඇතුලේම එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය කිරිමට පහසුකම් සලසා දෙමින් පෙරියමුල්ලේදි ෆරිස් ව තවත් හෑල්ලුවට ලක්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here