පෙරියමුල්ලේ රෑ කඩ වැටලු PHI ලාට අසුවු බිත්තර ප්‍රශ්ණේ ?

0
62

අන්සාර්1පෙරියමුල්ල යනු දැන් නොනිදන නගරයකි. එළිවෙන තෙක් විවෘතව පවතින ආපනශාලා රැසක් දැන් එහි ක්‍රියාත්මකය.
පසුගිය දිනක මේවායේ ඇති සෞඛ්‍යමය තත්වය විමසා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කොට තිබුණි.
එහිදි ගැටළු රැසක් ඇති බව සොයාගෙන ඇත.
ඉන් එකක් වනුයේ මේ ඇතැම් හෝටල්වල තම්බන ලද බිත්තර රස්සනයද සමගින් ගන්නට ඇවැසි යැයි කියා උණු වතුර වල බහා තිබිමයි.
මේ හේතුව නිසා කිසියම් බැක්ටිරියාවක් මේ වතුරට වැටුන හොත් එහි බහා ඇති සියළුම බිත්තරවලට එය පැතිර යාමෙන් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව මහජන සෞඛ්‍ය පරක්ෂකවරුන් විසින් එහි කෑම පිසන සැම දැනුවත් කර තිබුණි.
මේ අකාරයේ තවත් වැරදි පුරුදු ගණනාවක් සම්බන්ධයෙන්ද මේ සැම දැනුවත් කර තිබුණි.