- මේ දිනවල ඇද හැලෙමින් පවතින වර්ෂාව හේතුවෙන් මීගමුවේ අවට ප්‍රදේශ කිපයක්ම ජලයෙන් යටවිම නිසා පුද්ගලයන් 2000 කට ආසන්න ප්‍රමාණයක් අසරණභාවයට පත්ව ඇතැයි වාර්ථා වේ.
සිංහල දමිල මුස්ලිම් බේදයකින් තොරව අසරණ භාවයට පත්ව ඇති සැමට පිහිට විමට
පෙරියමුල්ල මුස්ලම් මහපල්ලියේ ප්‍රධානින් එක්ව ඊයේ දහවල් සිටම කෑම උයන්නට පටන් ගෙන තිබුනේ වැසි නිසා කුසගින්නේ ඉන්න මීගමුවේ තම සහෝදර ජනයාේ බඩගිනි නිවන්නටය.
ඊයේ දහවල් කෑම පාර්සල් 1000 ක් සකසමින් පටන් ගත් මේ සත් ක්‍රියාව ඊයේ රාත්‍රි වන විට පාර්සල් 2000 ක් දක්වා වැඩිකරගන්නට හැකිය තිබේ.
අද දිනයේත් දවල්ට මෙන්ම රාත්‍රියටද 2000 කගේ කසගිනි නිවිමේ සහෝරත්වයේ මෙහෙයුම ක්‍රියාත්මකය.
මේ සදහා ගම්වාසින්ගේ මෙන්ම ප්‍රදේශයේ දේශපාලකයන්ගේද ප්‍රාදේශිය ලෙක්ම කාර්යාලයේදි උපරිම සහය ලැබෙමින් පවතින බව සැලය.
ඡායා- රවුමාන් විසිනි.