පෙරියමුල්ල, හැමිල්ටන් ඇල පාලම අනතුරේ …..

0
424

මීගමුව , පෙරියමුල්ල හැමිල්ටන් ඇල පාලම මේ වන විට යම් අවධානම් සහිත තත්වයකට පත් වෙමින් තිබේ. ඒ මෙම පාලමේ දෙපැත්තේ ඇති ප්‍රධාන කනු 04 හි තරමක් විශාල බෝ ගස් වැවී තිබීමයි. මෙම පාලම ප්‍රධාන මාර්ග 03ක් එකට එකතු වන මන්සන්දියක්ද වේ. එනම් පෙරියමුල්ල මාර්ග සංඥා කනුව අසලින් ඇරඹෙන ඇඩ්නිවුස් පාර, වැල්ලවීදිය දක්වා දිවෙන ඇල පාර නොහොත් ඇන්ඩසන් පාර සහ මීගමුව ප්‍රධාන සුසාන භූමිය හරහා ඒත්තුකාල සංචාරක හෝටල් කලාපයට පිවිසිය හැකි කනත්ත පාර එම මාර්ග 03 යි.

ඒනිසා මෙම පාලම මීගමුව ප්‍රදේශයේ ඇති සුවිශේෂී ප්‍රධාන පාලමක් ද වේ. මෙම පාලම දෙපැත්තේ ඇති ප්‍රධාන කනු 04 හි තරමක් වීශාල බෝ ගස් වැවී ඇති අතර එම ගස් වල මුල් මේ වන විට පාලමේ ප්‍රධාන කොන්ක්‍රිට් කනු අතරින් විහිදී ගොස් තිබේ. මේ නිසා පාලමේ ස්ථාන කිහිපයකම කොන්ක්‍රිට් පුපුරා, ගැලවී ගොස් ඇත. දැනට වසර 05, 06 ක පමන කාලයක සිට ප්‍රදේශවාසීන් මේ පිලිබදව කොතෙකුත් මීගමුව මහා නගර සභාවේ වගකිව යුතු නිලධාරීන් දැනුවත් කලද මෙතෙක් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නොමැතිවීම ඉතා කනගාටුදායකය. මෙම අහිතකර තත්වය පාලමේ සවි ශක්තියට සහ එහි මනා පැවැත්මට සෘජු බලපෑමක් ඇති විය හැකි නිසා තවත් ප්‍රදේශවාසීන් කිහිප පිරිසක් විසින් මේ පිලිබදව බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට ද දන්වා ඇති අතර එම ආයතනය මගින්ද මෙතෙක්  මේ පාලම සම්බන්ධයෙන්  කිසිදු පියවරක් ගෙන නොමැත.

සෑම වසරකම අගෝස්තු මාසයේ 03 වන සති අන්තයේ පැවැත්වෙන පෙරියමුල්ල කතෝලික දේවස්ථානයේ වාර්ෂීක මංගල්‍යයේ  වීදි  යෑම සදහා පමනක් මීගමුව මහා නගර සභාව මගින් පාලමේ වැවී ඇති මෙම බෝ ගස් වල අතු කපා දමයි. එහෙත් නගර සභා සේවකයන් විසින් ගසේ මුල් සහ ක`ද කපා නොදමයි. ගස් වල අතු පමනක් කපා දැමීම නිසා නැවත දෙමාසයකින් පමන පසු එම අතු නැවත පෙර තිබූ තත්වයටම ද`ඵලා වැවෙන අතර වර්ෂා කාලයේදී එකතු වන ජලය එම ගසේ මුල් වල රැෙ`ද්. එලෙස ගසේ මුල් අතර රැෙ`දන දිය සිරාව නිසා කොන්කී්‍රට් වල ඇති යකඩ ඉතා ඉක්මනින් මල කෑමටද ලක් වේ. මේ සිය`ඵ තත්වයන් දිනෙන් දින පාලමේ පැවැත්මට අහිතකර ලෙස බලපාන අතර ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ  මීගමුව මහා නගර සභාව හෝ පාලම සම්බන්ධයෙන් වගකිව යුතු බස්නාහිර පළාත්් මාර්ග සංවර්ධන අධිකාරිය නැතිනම් අදාල වගකිව යුතු වෙනත් ආයතනයක් හෝ  හැමිල්ටන් ඇල පාලම රැක ගැනීමට මෙම බෝ ගස් මු`ඵමනින්ම කපා දැමීමට ඉතා ඉක්මනින්ම කි්‍රයා කල යුතු බවයි.
මේ පිලිබදව විමසීමේදී බස්නාහිර පළාත්් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයෙකු පැවසුවේ මෙම පාලම අයත් වන්නේ තම ආයතනයට වන අතර මෙම පාලමේ වැවී ඇති බෝ ගස්  මුඵමනින්ම කපා දැමීම සදහා පසුගිය කාලයේ කිහිප අවස්ථාවකදීම කටයුතු කල නමුත් ඒ සියළු දේ ව්‍යාර්ථව ගිය බවයි. මෙම බෝගස් වල මුල් පාලමේ කොන්කි්‍රට් අතරින් ඉතා දැඩිව විහිදී ගොස් ඇති නිසා එම මුල්  සම්පුර්ණයෙන්ම කපා දැමීම කල නොහැකි වු බවත් යම් රසයනික ද්‍රව්‍යයක්  ඉසීමෙන් මෙම බෝගස් විනාශ ක්ිරීමට කටයුතු කල බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් ඉතා ඉක්මනින්ම මෙම පාලමේ වැවී ඇති බෝ ගස් සම්පුර්ණයෙන්ම විනාශ කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කලේය.