


කෙරෝනා නිසා දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දි සිටි පොඩි ධිවරයන්ට හිස මත පතිත වු දරුණුම හෙණ ගෙඩිය එක්ස්ප්‍රස්’ ෆර්ල් නෞකාව යැයි මිගමුවේ සුළු පන්න ධිවරයෝ කියා සිටිති.
විශේ්ෂයෙන්ම තෙප්පම් ධිවරයන් , ඔරු ධිවරයන්, කලපු ධිවරයන් මෙන්ම පොඩි බෝට්ටු ධිවරයන් ගිනිගත් නැවේ ප්‍රශ්ණයට මැදිව වැඩියෙන්ම පිඩාවට පත්වු පිරිස වෙති.
එහෙත් නැවට අදාලව ගෙවිමට නියමිත අතුරු වන්දිය සම්බන්ධයෙන් අඩුම වන්දි මුදල් තිරණය වි ඇත්තේද මේ සුළු පන්න ධිවරයන්ට යැයි අද මිගමුවේ කුට්ටුදුව වැල්ලේ සිටි සුළු පන්න ධිවරයෝ මාධ්‍ය හමුවේ කියා සිටියහ.
මෙතෙක් මේ අය වෙත ලැබි තිබුනේ රු 5000 ආධාරය පමණක් බවත් , කිසිදු වන්දියක් තවමත් නොලැබුන බවත් නැව ගිනි ගෙන මාස 2 ක් ගෙවි ගොස් තිබුණද මේ ධිවර පවුල් කන්නේ බොන්නේ කෙසේදැයි විමසා බැලිමට කිසිවෙකුත් නොපැමිණි බවත් ඔවුන් කියා සිටිති.