පොදුරදමඬුලු සභාපතිගේ හෙළුව නැවතත් ලෝකයා හමුවට..

0
233

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා ගොස් සිටි එ.ජා.ප. මන්ත්‍රීන් සහ මාධ්‍යවේදි  කණ්ඩායමකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම මැර ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් කාවින්ද ප්‍රනාන්දු විසින් වන අතර ඔහු විසින් පිස්තෝලක්ද ඇතැතිව මන්ත්‍රිවරුන් හඹා යන අයුරු දැක්වෙන කදිම ඡායාරූප පෙළක් ලංකාදිප මාධ්‍යවේදින් විසින් දැනටමත් අන්තර්ජාලය වෙත මුදා හැර ඇත.
මේ නිරික්ෂණ චාරිකාව සදහා එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ආර්. යෝගරාජන්, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා යන අය එක්ව සිටි බව මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි .
සුපුරුදු පරිදි පොලිසිය ඔහේ බලා සිට ඇත.රටේ සාමය රකින්නට සිටින පොලිසිය රටේ උත්තරිතර ආයතනය වු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ ජිවිත අනතුරේ ඇති මොහොතක නිහඩවිම විසින් කියා සිටින්නේ රටේ ඇති අති බිහිසුණු තත්වයයි. එමෙන්ම එසේ නිකමුන් සේ සිටින්න  අණ ලැබි ඇත්තේ කාගෙන්ද යන්න රට හමුවේ වඩාත් පැහැදිලි ලෙසින් ප්‍රකාශමානවි ඇත.
මෙම ප්‍රහාර පිළිබදව දැනටමත් මහජන විරෝධය සහ රාජපක්ෂ පාලනයේ යථාර්තය ගැන අදහස් පළවෙමින් තිබෙන අතර ,විශේෂයෙන්ම ලංකාදීප වෙබ් අඩවියේ පාඨකයන් විසින් දක්වා ඇති ප්‍රතිචාර කීපයක් අප මෙසේ පළ කරන්නේ මෙම සිදුවිම ගැන දැනටමත් මහජන මතය ගොනු වෙමින් ඇති අයුරු බෙදා ගැනිම සදහාය.
හම්බන්තොට යනු පොදු රාජ්‍ය මණ්ඩලිය සභාපතිවරයාගේ නගරය වුවත් අද එය මැරයන්ගේ සහ සල්ලාලයන්ගේ නගරය බවට පත්ව ඇති අයුරු ලෝකයා හමුවේ නැවත වරක් ලකුණු කොට තබන්නට මේ තත්වය තුල හැකිව තිබේ.
මෙම විමර්ශන චාරිකාව එජාපය නියොජනය කරමින් එහි ගොස් ඇත්තේ ඒ පිළිබද නිපුණාතවයකින් හෙබි පිරිසකි .මේ පිරිසට වෘත්තිය ඉජිනේරුවරයන් දෙදෙනෙකුද ඉදිකිරිම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකුද  ආර්ථික විශේෂඥයෙකු හා නිතිඥයෙකුද වේ.
රාඡපක්ෂ පාලනය විසින් නැවත වරක් හම්බන්තොටදි මෙසේ අභියෝගයට ලක් කරන්නේ ජනතාවට තොරතුරු දැනගැනිම ඇති අයිතියයි.
ජනතාවට කිසිසේත්  වගනොකියන මේ පාලනය විසින් ක්‍රියාත්මක කරමින් ඇති අසාර්ථක ව්‍යාපෘතිවල සියළු බර අවසාන වශයෙන් දරන්නට සිදුවනුයේ මහජනයා හටය.
ලංකාවේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගය ලෙසින් කෝටි ගණන් මහජන මුදල් අයෝජනය කරමින් සහ ලෝකයාට ණය වෙමින් කරනු ලබන සියළු ආයෝජනයන් පුස්සක් බවට පත්ව ඇති බව කදිමට ඔප්පු වනුයේ පසුගියදා බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රෙලියාව විසින් ශ්‍රි ලංකාව සිය රටවල සංවාරකයන්ට  අනතුරුදායක තැනක් බව පැවසීම හේතුකොටගෙනය
විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය විසින් හම්බන්තොට ගැන විශේෂ සදහන්ද කර තිබුණි.
ඡායාරූප- ලංකාදිපය

ලංකාදිප වෙබ් අඩවියට ලැබුණු ප්‍රතිචාර වලින් කොටසක් ……..

එජාප මන්ත්‍රීවරු/මාධ්‍යවේදීහු ගුටිකති : පොලිසිය බලා සිටී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චන්න 2014-04-17 16:26:42

මොනවා කියන්නද? පින්තුර කතා කරන කොට. ලියන්න දෙයක් නැහැ. (ත)

රංගන විරාජ් පාලිත 2014-04-17 17:10:54

මෙහෙම බලා සිටින ලොව එකම පොලිසිය මෙයද? (ත)

චරිත 2014-04-17 16:37:15

කවුරු කළත් ලජ්ජ විය යුතු කාරණයක් (ත)

සඳුන් 2014-04-17 16:40:34

පොලිසියෙන් කියයි පරීක්ෂණ පවත්වනවා කියා. (ත)

වසන්ත හේමාල් 2014-04-17 16:48:03

මේකද මේ ආශ්චර්යය? නිදහසේ චණ්ඩිකම් කරන්නද අපි ඡන්දේ දුන්නේ? (ත)

සමන් 2014-04-17 17:30:39

මේ හම්බන්තොට පිරිස ජිනීවා වලට තවත් කරුණු හොයල දෙනවා.(ත)

කමල් 2014-04-17 16:48:29

අනේ පව් වැඩේ. (ත)

ප්‍රදීප් 2014-04-17 17:30:51

කොහොම වුණත් මේක වරදි වැඩක්. දහස් ගණනක් මෙය බැලුවත් ඒ බව ලියන්න පිරිස් නෑ. (ත)

රොෂාන් ද සිල්වා 2014-04-17 17:35:46

අපේ රටේ නීතියක් තියෙනවද? ලංකාවට දෙවියන්ගේම පිහිටයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරණ රට නේද මේක? (ත)

සනත් 2014-04-17 16:59:24

ජනතාව මීට වඩා බුද්ධිමත් විය යුතුයි. (ත)

ගුණරත්න – ඩුබායි 2014-04-17 17:48:09

ඔය කට්ටිය ගියේ වරයෙවත්,ගුවන් තොටුපලෙත් ලස්සන බලන්ඩ නෙමෙයි. ඒවායේ තියෙන වැරදී පෙන්නලා ආණ්ඩුව අපහසුත්වයට පත් කරන්ට.(ත)