පොරොන්දුවල හිරවුනු මරණ බිය දනවන සිරිකුරුස පාලම….

0
89

සිරිකුරුස 1

මීගමුව , මුන්නක්කරය සහ සිරිවර්ධන පෙදෙස යාකෙරෙන සිරිකුරුස පාලම අබලන්වී මේවනවිට කාලයක් ගතවී ඇත. තව කොපමණ කලක් මෙම පාලම අල්ලා සිටීද? යන ප්‍රශ්ණය මතුවී ඇති අතර වගකිවයුතු අය සහ රාජ්‍ය ආයතන වල කතා කිරීම උදෙසා න්‍යාය පත්‍රෙය් මාතෘකාවක් ලෙස පමණක් ඉතිරිවී ඇත.පසුගිය 23දා පැවති ප්‍රාෙද්ශීය සංවර්ධන කමිටු රැස්වීමේදීද මෙම පාලමේ ප්‍රශ්ණය මතුවී ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය මෙය තමන්ට අදාල නැති බවත්, පළාත් මාර්ග සංවර්ධන ධිකාරියට එහි වගකීම පැවරෙන බවත් සදහන් කරමින් දෙපැත්තට බෝල මාරුකළ බව ආරංචිවිය. මෙම රැස්වීමේ මීගමු නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පරිෂ් මහතා සහ නාගරික මන්ත්‍රී ජයවීර මහතා පමණක් පැමිණ ඇත. නගරසභාවේ අත්‍යවශ්‍ය නිලධාරීන් නොපැමිණීම පොදු ප්‍රශ්ණයක් ලෙස පැවතින. මෙම ගැටළුව මැයි 17දා පැවති සංවර්ධන කමිටුවේදීද සාකච්ඡාවට ගත් අතර එහිදී සමසභාපතිවරයෙකු වන රොයිස් විජිත මහතා මෙහි අවදානම් තත්වය ගැන සදහන් කරමින් මේ සදහා ස්ථිරසාර වැඩපිළිවෙලක අවශ්‍යතාවයත්, එය පහසු එකක් නොවන බවත් සදහන් කරන ලදී. එනේම අකේ සම සභාපති වරයා වූ ලලිත් ටෙන්සිල් මහතා සදහන් කළේ මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ඡන්ද පොරොන්දුවක් බැවින් තමන් මෙයට මැදිහත් වන අතර සියළු දෙනා තමන්ට සහයෝගය දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී.

අපි මෙම පාලම උඩින් සහ යටින් ගමන් කළෙමු. යටින් බෝට්ටු සහ ඔරුවල යනඑන අයට මෙම ස්ථානයෙන් යනවිට දැනෙන මරණ බිය අපටද දැනින. උඩින් ගමනේදීද එය එසේමය. දෙපැත්තේ ඇදි නැත. ඒ සදහා ධීවර ජනතාව තාවකාලිකව ලනු ගැටගසා ඇත. එක පැත්තක් ක්‍රමානුකූලව ලොකු පැල්මක් සහිතව ගිලාබැස ඇත. තත්වය බරපතලය. මුන්නක්කරය සහ සිරිවර්ධන පෙදෙසේ ජනතාවට මේ සදහා විකල්ප ක්‍රියාමාර්ගයකට යායුතුව ඇතැයි අප විස්වාස කරමු. මන්ද අදාල බලධාරීන්ගේ දත් මේසදහා ශක්තිමත් නැතිනම් හයිය දත් ඇත්තන්ට මේගැන පවසා යම් පියවරක් ගැනීමට කාලය පැමිණ ඇති බැවිනි.