පොරොන්දු ඉටුනොකරපු ලංසලා නිසා පාරවල් යටවෙයි ?

0
165
  දළුපත, දෙනියපාර හලාවත - කොළඹ ප්‍රධාන පාරට වැටෙන අතුරු පාරකි. දළුපත කතෝලික දේවස්ථානයට යාම සඳහා මේ අවට ප්‍රදේශවාසීන්ට ඇත්තේද මෙම පාර පමණි. අපගේ අවධානය යොමු වන්නේ මෙම දෙනියපාරේ එක කොටසක තවමත් නොවිසඳී  පවතින අනතුරු දායක තත්ත්වය පිළිබඳව ය.

වැසි දිනවලදී මෙම ස්ථානය අපායක් මෙන් දිස්වෙයි. තද අව්රස්නය ඇති මේ දිනවලදී වුවද මෙම ස්ථානයේ ගමන් කළ යුත්තේ ප්‍රවේශමෙනි. මන්ද දියසෙවල සහිත ජලය නිසා පාර ලිස්සන සුළුවන බැවිනි .
: සමහර නිවෙස් වලින් අපද්‍රව්‍ය බැහැර කරන බවටද ප්‍රදේශවාසීන් සැක පළකරති. මේ ගැන ප්‍රදේශවාසී කාන්තාවන් දෙදෙනකු අප සමඟ අදහස් දැක්වූයේ දැඩි කලකිරිමකිනි. ඔවුන් ප්‍රකාශ කළේ සියළු වගකිවයුත්තන් මේ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් , එසේම
නිමල් ලංසා සහ දයාන් ලංසා මෙහි කානුවක් දමාසකසා දෙන බවට පොරොන්දුවී දැනට වසර ගනනාවක් පසුවී ඇති බවය. මේ අනුව දෙනියපාර දේශපාලකයින්ගේ පොරොන්දු ලැයිස්තුවේ එක පොරොන්දුවක් පමණක් බව පැහැදිළිය .

එසේම එක නිවසකින් පාර හරහට කපා බටයක් දමා ඇති අතර එය කිසියම් දේශපාලනමය මැදිහත්වීමක් මත සිදුවූවක් බව ප්‍රදේශවාසීන්ගේ අදහසවී ඇත.
කානු සම්බන්ධව පවතින ගැටළුව දළුපතට පොදු එකක් වනවාසේම මෙම දෙනියපාර ගැන අවධානය නොදීම මහජන ඡන්දය නියෝජනය කරමින් ක්‍රියාත්මක වන දළුපත සියල්ලන්ගේ නොහැකියාව පිලිබිඹු කරන කැටපතක් බව කිවයුතුය .