පොරොන්දු කඩකල කරවල ව්‍යාපාරිකයන්ගේ වාඩි ධීවරයෝ ගිනි තබති.

0
132
වැල්ලේ ඉදිකර තිබ් කරවල වාඩි
අද සවස් වන තුරු වැල්ලේ ඉදිකර තිබ් කරවල වාඩි
අද සවස් වන තුරු වැල්ලේ ඉදිකර තිබ් කරවල වාඩි

දකුණේ සිට මීගමුවේ කරවල නිෂ්පාදකයන් වෙත ගෙන එනු ලබන ලින්නා සහ පොතුබරි යන මාළු දෙවර්ගය සතියක කාලයක් සදහා මීගමුවට රැගෙන නොඑවන බව පියතුමන්ලා සහ ඇමතිවරුන් ඉදිරියේ පොරොන්දු වු කරවල නිෂ්පාදකයන් අද රාත්‍රියේම ඒ පොරොන්දුව කඩකර තිබුණි.
ඒ ලින්නෝ මාළු පැටවු මාළු ලොරි දෙකක් කුට්ටුදුව ප්‍රදේශයට ගෙන ඒමෙනි.
ඉන් උරන වු වැල්ලිවිදියේ සුළු පන්න ධිවරයන් පිරිසක් මේ ගැන විමසිම සදහා කරවල නිෂ්පාදකයන් බහුතරයක් වෙසෙන කුට්ටුදුවට ගිය අවස්ථාවේදි ඒ අය විසින් ධීවරයන් හට පහරදෙන්නට පටන්ගෙන තිබේ.
දිවිබේරාගෙන යළිත් වැල්ලට දිව ආ ධිවයරන් පසුව අනෙක් ධිවරයන් හටද දැනුම් දි තිබුනේ ඒ ප්‍රදේශවල දේවස්ථානයන්හි සීනුව නාදකරමිනි.
සාමාන්‍යයෙන් ධිවර ප්‍රදේශයක පල්ලියේ සිනුව නාදවනු යනු කිසියම් කරදරයක් දැනුම් දිමකි. එසැනින්ම දහස් ගණන් ජනතාවක් වැල්ලිවිදිය සහ කුඩාපාඩුව යන ප්‍රදේශවලින් රැස්ව තිබිණ.
ඒ පිරිස කෙලින්ම ගොස් තිබුනේ කුට්ටිදුවටය.තමන්ගේ ධිවරයන් හට පහරදුන් අය සොයා පිරිම් කර තිබුණි මේ ධිවර ජනයා පසුව පැමිණ මීගමුව වැල්ලේ තිබු සියළු කරවල වාඩි කඩාදමා විනාශ කර තිබේ.
මේ සටහන තැබෙන මැදියම් රැයේත් 1000 කට ආසන්න ධිවර ජනතාවක් වැල්ලට රැස්වි සිටිති. ඔවුන් සමගින් කතෝලික පියතුමන්ලාද වෙති.
මේ වන විට කැරලි මර්ධන හමුදාවන්ද වැල්ලට යොදා ඇතැයි අප අමතා සිටින ධිවරයෝ පවසති.
වාර්ථාවන වන අන්දමට ඇමති ලංසාගේ බාප්පාගේ කරවල වාඩියද මේ වන වින විනාශ කර දමා ඇත.
අද දහවල් පැවති රැස්විමේදි ඇමති ලංසා ලින්නන් ගෙන්විම තහනම් කළ යුතු යැයි යන යෝජනාවට එතරම් කැමැත්තක් දක්වා තිබුනේ නැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here