පොරොන්දු කඩකල රජයට විරෝධය පිණිස ස්වාමීන්වහන්සේලා නැවතත් උපවාසයේ

0
94

IMG 0224අන්මන් දුපත්වල  සිරගතව සිටින කන්දකුලියේ ප්‍රදේශයේ ධීරවයින් 6 දෙනෙකුමාස 3ක් IMG 0227ඇතුලත මෙරටට ගෙන්වා දෙන බවට රජයේ වගකිවයුත්තන් පොරොන්දු වී දැනට මාස 3
ඉක් ම ගොස් තිබේ.  මොවුන් ගෙන්වා ගැනීම වෙනුවෙන් නැවතත් එම ධිවරයින්ගේ පවුල් වල සාමාජිකයන් හා බැදිවැව දියසේන ස්වාමීන්වහන්සේ ඇතුළු තවත් හිමිවරැන් 3 නමක් 2012-01-15 වනදා කන්දකුලියේදී   නැවත උපවාසයක් ආරම්භ කලේය.
දැනට  වසර එකාමාරක් පමණ තිස්සේ ඉන්දියාවේ  අන්දමන් දුපත්වල  සිරගතව සිටින මෙම ධීවරයින් ගෙන්වා දෙන ලෙස රජයට හා වගකිවයුත්තන්ට බලකරමින් 2011 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී  බැදිවැව දියසේන ස්වාමීන්වහන්සේ ඇතුලු තවත් හිමිවරැන් කීපදෙනෙක් හා ධිවර‍යෙෙකු ගේ මවක් උපවාස ආරම්භ කරන ලදී.  නමුත් මේ වනතෙක් එම  ධීවරයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා රජයේ පාර්ශවයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති තත්ත්වය හමුවේ අසරණ වී ඇති එම ධිවරයන්ගේ පවුල් වල සාමාජියන් මේ ආකාරයෙන් උපවාසය කිරීම ආරම්භ කර ඇතIMG 0221IMG 0223.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here