කොරෝනා මර්ධන ව්‍යාපෘතිය බාර නිලධාරීන් කිහිප දෙනෙකුම කොරෝනා හරහා තම ප්‍රතිරූපය ඉස්මතු කර ගැනීමට දරන උත්සාහය බාරකාර ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිනියන්ගේ ද බලවත් දෝෂ දර්ශනයට ලක්ව තිබිණ.
සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යවල කථා පවත්වන්නට යොදවන කාලය වසංගත පාලන තීන්දු ගැනීමට යොදවනවානම් බොහෝ දේ වෙනස් විය හැකි බව එළිපිටම ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවට පක්ෂපාති ‘ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය’යි.
ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළකර ඇති lankaleadnews.com තවත් බරපතල කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කර තිබේ.
PCR පරීක්ෂණ ගණන් ගැන කියන කතා සැකයි !
මේ වන විට ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ 13,000 කට අධික ප්‍රමාණයක් සිදු කොට ඇති බවට නිළ වාර්තා ප්‍රකාශයට පත්වුවද PCR යන්ත්‍ර 13 කින් සිදුකළ බවට වාර්තාවන ප්‍රමාණයන් ඊට වඩා බෙහෙවින් පහළ අගයක් බව පැහැදිළි යයි එම වෙබ් අඩවිය පවසයි.
”එහෙත් ප්රශ්නය එය නොවේ. මේ වන විට චිනයෙන් ලැබුණු PCR පරීක්ෂණ කට්ටල යොදාගත හැක්කේ යන්ත්‍ර 03 කට පමණි. සෙසු යන්ත්‍ර සඳහා මිලදී ගත යුතු රසායන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ටෙන්ඩර් කැඳවා නැත.” යයි එම පුවත් වාර්තාවේ දැක්වේ.
ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.
”මේ වන විට ඒ සඳහා ඇනවුම්කර ඇත්තේ අදාළ පර්යේෂණාගාර ප්‍රධානීන් විසින් සිදුකරන හදිසි මිලදී ගැනීම ලෙසය. ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා මාස 4 ක කාලය තුල ටෙන්ඩර් කැඳවීම සහ PCR පරීක්ෂණ පිළිබඳ ගැටළු විසඳීමට සුළු වේලාවක් හෝ සොයාගත නොහැකි වූවා නම් මාධ්‍ය සංදර්ශන සඳහා යොදවන කාලයෙන් බිඳක් යොදවිය නොහැකිද යනුවෙන් පර්යේෂණාගාර නිලධාරීන් විමසති.
එසේම කඩාකප්පල්කාරීන්ට ඉඩදී බලාසිටීමද බලවත් වරදක් බව ඔවුහු පවසති.”
theleader.lk