පොලීසියට පෙර ‘ස්පයි’ කැමරාව ඉස්සර වෙයි

0
155

වෙන්නප්ුපව ප්‍රදේශයේ පසුගිය කාලයේ මංකොල්ලකැම් අධික  විය. නිවෙස් වලට පැන මුදල් හා රත්තරන් බඩු , සොරාගැනීම් බරපතල ලෙස සිදුවන අතර ඒවාට සම්බන්ධ සැකකරුවන් සොයාැනීමට බොහෝ අවස්තා වලදී  නොහැකි වන බව mqdefaultප්‍රදේශවාසීන් පවසති. මේ පිළිබදව ජනතාවගේ පැමිණිලි පමණක් පොලිස් පොතේ සටහන් විය. නිවෙස් වලට පැන සිදුකරන සොරකම් වගේම චේන් කැඩිලි ද මෙම ප්‍රදේශයේ බහුලව සිදුවෙයි. මේම ගැටළුවට එක් විසදුමක් ලෙස නවීන තාක්ෂණය ඒකතරා උදව්වක් සිදුකර ඇත. එනම් සී.සී.ටී කැමරා වයි.  http://en.wikipedia.org/wiki/Closed-circuit_television
මීගමුවේ  ව්‍යාපාරික ස්ථානයක් වූ එවර්එක්ස් ආයතනයට අවස්තා දෙකකකට වඩා සොරු පැමිණ මංකොල්ල කෑ අතර ඔවුන්ද සොරුන් පිලිබද හෝඩුවාවන් සොයා ගත්තේ මෙම ආරක්ෂක කැමරා මගිනි.
බොරලැස්ස ප්‍රදේශයේ දී  දැනට දින කීපයකට පෙර  ව්‍යාපරික ස්ථානයක සිදුවූ සොරකමක් ආරක්ෂක කැමරා මගින් හසුකර ඇති ආකාරය මැයි 31 වනදා   යූ ටියුබ් වෙබ් http://www.youtube.com/watch?v=NlK6WbE4AWk  අඩවියට  පුරවැසි මාධ්‍යකරුවෙකු විසින්  මුදාහැරතිබේ.   පිටුවේ ඇති සටහනට අනුව  තම ව්‍යාපරික ස්ථානයෙහි දිගින්  දිගටම සිදුවූ මුදල් නැතිවීම් ගැන විපරමින් පසුවූ අයිතිකරුවන් විසින්  ඒ සදහා යෙදූ උපක්‍රමයක් ලෙස මෙම කැමරාව සවිකර ඇත. ඒමගින්  මෙම  සොරකම සිදුකළ පුද්ගලයා සොයාගැනීමට උපකාරයක් වූ බව ඔවුන් එහි සදහන් කර ඇත. සිද්ධිය වූ දිනට පසුදින මෙම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන් විසින් ආරක්ෂක කැමරාවේ සටහන්වූ දර්ශන පටය වෙන්නප්පුව පොලීසිය වෙත බාරදී මේ පිළිබද පැමිණිල්ල සිදුකර තිබේ. පසුව  සිද්ධිය සම්බන්ධයෙන්  සැකපිට ට ගත් එම නිවසේ වැඩකටයුතු වලට සහාය වූ කාන්තාවක්  හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇප පිට මුදාහැර තිබේ.
මේ පිළිබද පරීක්ෂණ වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

photo

 

ෂෙහාන්  ප්‍රනාන්දු
http://www.youtube.com/user/shehanfdo?feature=watch

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here