පොල් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවට විසදුම් සෙවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජීවන වියදම් කමිටුවට ලබා දී ඇති උපදෙස් වලට අනුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ මගපෙන්වීම මත ලාභ නොලබා ජනතාවට සහන මිලට මාළු පොල් සැපයීමට හලාවත වැවිලි සමාගම මෙම පියවර ගනු ලැබු බව ආසිරි හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
හලාවත වැවිලි සමාගම ශ්‍රි ලංකාවේ ඇති විද්‍යාත්මකව හා ලාභදායී ලෙස කළමණාකරණය කරන පොල් පදනම් කරගත් ප්‍රධාන වැවිලි සමාගමක් වන අතර සමාගම සතු වතු 6 කට අයත් අක්කර 16000 ක පමන ඉඩම් ප්‍රමාණයක් පොල් වගාව සදහා ප්රමුඛාතාවය ලබා දී ඇත.
මීට ඉහත සමාගමේ පොල් අස්වැන්න පොල් සංවර්ධන මණ්ඩලයේ වෙන්දේසිය මගින් අලෙවි කල අතර ඍජුවම පාරිභෝගිකයන්ට පොල් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සදහා අවශ්‍ය පහසුකම් කිසිවක් නොතිබිණි. නමුත් රට පුරා ඇති වු පොල් හිගය නිසා සමාගම මැදිහත් වී ඍජුවම පාරිභෝගිකයන්ට සහන මිලට පොල් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කල බවත් මේ වන විට එය ඉතා සාර්ථක තත්වයක පවතින අතර ඉදිරියේදී එය ක්‍රමයෙන් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සමාගමේ සාමාන්‍යාධිකාරී මහින්ද රණවීර මහතා පවසයි.
දැනට පොල් හිඟය පවතින ප්‍රදේශවල පිහිටි රජයේ කාර්යාල හෝ පිලිගත් සංවිධාන මගින් කරන ඉල්ලීම් සලකා බලා පවතින තොග අනුව සහන මිලට මාළු පොල් සැපයීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චන්දන විජේබන්ඩාර