අද පෙරවරුවේදී ලුණුවිල පොල් පරේෂණාගාර මණ්ඩලයේ නව සභාපති ලෙස රිචී ප්රනාන්දුපුල්ලේ මහතා වැඩබාර ගන්නා ලදී. සුබ මොහොතින් පැවති ආගමික වතාවත් සමගීන් ඒ මහතා පොල් පර්ෂණ මණ්ඩලයේ සභාතිධූරය භාරගත් අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී නිරෝෂන් පෙරේරා සහ නීතිඥ ගුණවර්ධන මහතා ද සහභාගී වී සිටියහ. රිචී ප්රනාන්දුපුල්ලේ මහතා වයඹ පළාත් සභාවේ පළමු කතානායකවරයා ලෙස වසර 12ක් කටයුතු කළ අතර ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ද වෙයි.