පොලිතින් තහනම ධීවරයන්ටත්

0
623

ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පොලිතින් හා ප්ලාස්ටික් තහනම් සාර්ථක කරගැනීම සදහා ධීරයන්ගේද සහය අවශ්‍ය බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා. ඔහු පවසන්නේ එම තහනම් සාර්ථක කරගැනීමට මුහුදද පිරිසිදුව පැවතිය යුතු බවයි.

එම උත්සාහය සාර්ථක කර ගැනීම සදහා දින ගණනක් මුහුදේ රැදී සිටීම සදහා බහුදින ධීවර යාත්‍රා මගින්  ගමන්ගන්නා ධීවරයන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ එම ගමන්වලදී රැගෙන යන පොලිතින් හා ප්ලාස්ටික් ප්‍රමාණයන් හැකි තරම් අවම කරන ලෙසටයි. එලෙසම රැගෙන යන පොලිතින් ප්‍රමාණයන් මුහුදය විසි නොකර නැවතත් ගොඩබිමට ගෙන ඒමට වගබලා ගන්නා ලෙසටත් ඇමතිවරයා ධීවරයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ramesh_ware_t_boat

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here