පොලිස් අත්අඩංගුවේදි වස පානය කොට මිය පුද්ගලයාගේ ඥාතින් කියන කථාව …. ?

0
129

Sri-Lanka-Policeකොච්චිකඩේ පොලිස් වසමට අයත් ප්‍රදේශයේකදි පොලිස් අත්අඩංගුවට පත්වු පුද්ගලයෙක් වස පානය කිරිමෙන් අවාසනාවන්ත ලෙස මිය ගිය සිදුවිම ගැන ඔහුගේ  පවුලේ අය විසින් චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ පොලිසිය වෙතය.
ඔහු කලක පටන් නිති විරෝධි මත්පැන් පෙරිමේ නිරතව සිටි අයෙකි.  ඒ වෙනුවෙන් අවස්ථා කිපයදිම පොලිස් අත්අඩංගුවටද පත්වුවෙකි.
මෙවර පොලිසිය ඔහු හමුවට පැමිණ තිබුනේ වෙලක තිබි අල්ලාගත් නිති විරෝධි මත්පැන් තොගයක්ද සමගින්ය.
එහෙත් ඒ මත්පැන් තමාගේ නොවන බව පුන පුනා ප්‍රකාශ කර සිටියද පොලිසිය එය කිසිදු ගණනකට නොගත් බව මිය පුද්ගලයාගේ පාර්ශවය විසින් පොලිසියට කරනු ලබන චෝදනාවයි.
පොලිසිය මේ තැනැත්තාව අත්අඩංගුවට ගෙන සිටියදි තමන්ට වතුර එකක් බොන්නට යන්නට අවසර දෙන්න යැයි කියා ඉල්ලා ඇත.
එක් පොලිස් නිළධාරියෙකුද ඔහු සමගින් නිවස තුලට ගොස් සාලයේ රැදි සිටියදි කුස්සියට ගොස් එහි මේසයක් යට තබා තිබුණ වගා කටයුතු සදහා යොදාගනු ලබන කෘමිනාශක  බෝතලයක් මේ තැනැන්තා විසින් පානය කර ඇත.
කෙසේ හෝ මෙය දැනගත් පොලිසිය පසුව මේ පුද්ගලයාව රෝහල්ගත කර ඇති අතර පසුව මිය ගොස් තිබේ.
මීගමුවේ රෝහලට පසුගිය දිනක පැමිණ තිබුණ මිය පුද්ගලයාගේ ඥාාතින් මාධ්‍ය වෙත කරුණු දක්වමින් කියා තිබුනේ පොලිස් අත්අඩංගුවේදි වසපානය කර මිය යන තත්වයක් ඇති කිරිමට පොලිසියද වගකිව යුතුව ඇති බවය.
ඒ ඔහු නොකළ වරදකට ඔහුට වැරැද්ද පිළිගැනිමට යැයි පොලිසිය විසින් බලකර තිබි නිසා බව ඥාාතින් විසින් කරනු ලබන චෝදනවායි.