”පොලිස් අපරාධ වැලැක්වීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් විය යුතුයි‘‘ යි‘‘

0
265
2new
වත්තල පොලීසියේ දී වධහිංසාවට පාත‍්‍රව පසුව ඝාතණයට ලක්වූ ජෙරාඞ් මර්වින් පෙරේරාගේ බිරිද වන පද්මා වික‍්‍රමරත්න, කන්දෙකැටිය පොලිස් පහරදීමෙන් මිය ගිය සදුන් මාලිංගගේ මව වන කේ.යූ. මල්ලිකා , කටුනායකදී පොලිස් වෙඩි පහරින් මි ගිය රොෂෙන් චානකගේ මව.

වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වින්දිතයන් හා මානව හිමිකම් කි‍්‍රයාධරයන් එක්ව පැවැත්වූ විශේෂ උත්සවයේදී  නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින්  ලංකාවේ සිදුවන  පොලීස් අපරාධ  මෙන්ම තවත් කෘෘර වධහිංසා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ  කාර්්‍යභාරය පිළිබඳව අදහස් දක්වන ලදී.

”    1994 අංක 22 දරණ කෘෘර හා වධහිංසා වලට , අවමන් සහගත ක්‍රියාවන්ගෙන් මිදීමේ කාර්්‍යය සම්බන්ධයෙන් ලංකාවේ පිහිටවූ අපරාධ සම්බන්ධ පනතෙන් නීතිපති දෙපාර්තමේන්තුවට විශාල කාර්්‍යභාරයක් පවරලා තිබෙනවා   ලංකාවේ සිදුවන වධහිංසා සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට.  අපට වහාම ගිහින් මානව හිමිකම් කොමිසමේ පැමිනිලි කළ හැකියි. එහෙම නැත්නම් අපට පුලුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්ඩ.
ඒ වගේම බැලූ බැලුමට හේතු තියෙනවා නම්  අභ්‍යන්තර පරීක්ෂණකින් පස්සේ , මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් පස්සේ චෝදනා ගොනුකළ හැකි තරම් තොරතුරු තිබෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුවට බලය තිබෙනවා එම රාජ්‍ය නිලධරීන්ට හෝ පොලිස් හෝ වෙනත් නිලයක් දරණ රාජ්‍ය නිලධාරියෙකුට මහධිකරණයක නඩුපැවරීමට. කෘෘර හා  හා අමානුෂික වධහිංසා සම්බන්ධයෙන්. දැන් මේ ක්‍රියාවලිය 1994 දී අලුත් රජයකින් ක්‍රියාත්මක වෙලා යම් කිසි කාලයක් උනන්දුවෙන් ක්‍රියාත්මක වුණා. අඩුම ගානේ අවුරුදු 05 ක පමණ කාලයකදී නඩු 20 ක් පමණ ප්‍රමාණයක් සිදුකෙරුවා. නමුත් ඉතාම පැහැදිලිව අපට පේනවා 2006 න් පස්සේ  මේ ආකාරයේ විශාල ලෙස නඩු පැවරීමේ පහත වැටීමක් තිබෙනවා. නඩු පවරන්නේ නැහැ.
අපි ඒත් එක්කම දැක්ක දේ තමා ‘‘බිඳුනු වැව‘‘ වගේ සිද්ධීන් වලදී නඩු පැවරුවා වුණත් අවසානයේ ඒ පුද්ගලයෝ නිදහස් වෙලා ගියා.
මේ ආකාරයට අපරාධ වලට නඩු නොපැරවීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ගය පිළිබදව තමයි අප කතා කළ යුතු වන්නේ.
මේ නඩු පැවරීමේ හැකියාව අපට නැහැ.  වින්ඳිතයෙකුට හෝ වින්ඳිතයන්ගේ පවුල් වල අයට මේකෙදී අධිකරණයට යාමට හැකියාවක් නැහැ. එය කළ හැක්කේ නීතිපති දෙපාර්තමේන්තුවට පමණයි. රටක නීතිපති දෙපාර්තමේන්තුවක් කියන්නේ ඒ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ රාජ්‍ය වෙනුවෙන් පෙනිසිටිය යුතු ආයතනයක්. රාජ්‍ය වෙනවෙන්  පෙනීසිටිනවා කියන්නේ ඒ රාජ්‍යෙය්  පුරවැසියන්ට රාජ්‍යෙය් නිලධාරීන්ගෙන් යම් අකටයුත්තක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට පවරා ඇති බලය ඉතාම උනන්දුවෙන් යුක්තියෙන් ඉෂ්ඨ කිරීම. නමුත් අපේ අත්දැකීම තමයි පසුගිය වසර 08ක පමණ කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුව උනන්දුවෙන් කටයතු කර නැහැ. පවරා ඇති නඩු ඉතාම සුළු ප්‍රමාණයක් වුණත් ඒ නඩුත් පවත්වාගෙන යන්නේ ඉතාම අලස ස්වභාවයකින්.

lakshn disn
නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා

මම හිතන්නේ මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා ඉක්මණින් විධායකයෙන් ඉවත්ව ස්වාධිනව පැවතුනහොත් හොඳයි. නමුත් අවම වශයෙන් අධිකරණ අමාත්‍යාංශය යටතේ වත් පැවති යුතුයි. එහෙම නැත්නම් අපේ රටේ පහුගිය දිනවල වැඩියෙන් සිදුවුන පොලිස් පහරදීම් සහ පොලීසිය විසින් නීතියේ ක්‍රියාපටිපාටියට පරිභාහිරව , සිදුකරන්නාවූ මරණයන් සම්බන්ධයෙන් නඩුපැවරීමක් සිදුවන එකක් නැහැ. එහෙම වුණොත් 1994 අංක 22 දරණ කෘෘර හා වධහිංසා වලට , අවමන් සහගත ක්‍රියාවන් සම්බන්ධව පනතේ අර්ථය මේ සමාජයෙන් ඉවත් වෙනවා.
මේ පනත මේ රටතුළ හරියට ක්‍රියාත්මක වුණොත් පොලිස් නිලධාරීන් බයවෙනවා , ඔවුන් දෙපාරක් හිතනවා, පැකිලෙනවා, අමානුෂික ලෙස මිනිසුන්ට පහර දෙන්ඩ.
පහුගිය කාලේ සිදුවුණ කන්දකැටිය තරුණයාගේ ඝාතනය වැනි සිද්ධීන් දිිගින් දිගටම වැඩි වුණා. පොලීසිය නීතිය තමන්ගේ අතට අරගෙන ඕනෑ හැටියට පාවිච්චි කරනවා. තමන්ට ඕන විදිහට වෙඩි තියනවා. කෙහෙල් ගහකට බෝම්බයක් තිබ්බා කියලා , කැලේ ගිහිල්ලා තුවක්කුවක් ගන්ඩ ගිහිල්ලා, තමන්ගේ ආත්ම ආරක්ෂාවට පොලීසියෙන් වෙඩි තියපු මිනි්ස්සු ගැන අපට අහන්ඩ ලැබෙනවා. නැත්නම් අතේ මාංචු තියෙද්දී ගඟට පැනලා පීනපු මිනිස්සු ගැන අපට අහන්ඩ ලැබෙනවා.  මේ කිසිම කාරණයකදී පරීක්ෂනයක් හෝ නඩු පැවරීමක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් කරලා නෑ.
නීතිපති දෙපාර්තමේන්තුව එක්සත් ජාතීන්ගේ ඉදිියට ගිහින් කියනවා අපි මින්පසු අපරාධ නඩු වලට පෙනී සිටින්නේ නැහැ කියලා.  නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ   එම නඩු ශ්‍රේෂඨාධීකරනයේ පවත්වාගෙන යන්නට අවසර දුන්නට පස්සේ එතනින් එහාට එන්නේ නෑ. නමුත් ඔවුන් කරන දේ තමා ශේෂඨාඨීකරණයේ නඩුව ගොනුවීමට පෙර එම පොලිස් හෝ රාජ්‍ය  නිලධාරීන්ව  එයින් ඉවත් කිරීමට හැකිතාක් කටයුතු කිරීම.
සමහර විට තමන්ට එතරම් හැකියාවක් නැති ශක්තියක් නැති වින්ඳිතයෙකුට ඉතාම දැඩි අපහසුතා වලට මුහුණදෙන්නට සිදුවනවා නීතිපති දෙපාර්තමේන්තුවේදී. මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුව අවංක නම් ඔවුන් මේ ප්‍රතිපත්තියෙන් එහාට ගිහින් එවැනි විෂයන් වලදී එවායින් ඉවත්ව සිටිනවා‍ෙ නම් අද නීතිපති දෙපාර්තමේන්තුව මේ රටේ ජනතාවට අයිති දෙපාර්තමේන්තුවක් බවට පත්වෙනවා.
ගොඩාක් වෙලාවට නීති ක්ෂේත්‍රෙය් ඉන්න අපි හුගක් වෙලාවට කැමති නැහැ නීතිපති දෙපාර්තමේන්තුවත් සමග හැප්පෙන්ඩ. මොකද අපට ගණුදෙනු කරන්ඩ වෙලා තිබෙන නිසා.  නමුත් මම හිතනවා මේ රටේ ජනතාවට  පොලිස් දෙපාර්තමේන්තුවෙන් සිදුවන  වධහිංසා සම්බන්ධයෙන් අපි යමක් කිරීමට ලෑස්ති නම් , කැමති නම් අපට නීතිපති දෙපාර්තමේන්තුවත් සමඟ ගැටෙන්නට අවශ්‍යයයි. අඩුම තරමින් යම් ඝාතනයක් හෝ එවැනි අපරාධයකදී  කිසියම්  ‘මැන්ඩාමූස්‘ ආඥාවක් ( නිලධාරියෙකු ලවා කරවාගැනීමේ ආඥාවක් ) පවා ලබාගැනීමට  නීතිපති දෙපාර්තමේන්තුවට අප යා යුතුයි. නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව  ලවා කරවා ගැනීමට අප යා යුතුයි. අපි නීතිපති දෙපාර්තමේන්තුවට නිරන්තරයෙන් බලපෑම් කරන්නට අවශ්‍යයයි ඔවුන්ගේ කාර්්‍යය කිරීම සඳහා. එය කළ යුතු වන්නේ මේ රටේ පුරවැසියන් වෙනුවෙන්. අපි දිනපතා විවිධ මාධ්‍ය හරහා අපි අහන්නේ  නිරන්තරයෙන්ම  මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන ආයතන වලින් කරන්නාවූ පහර දීම් සහ අමානුෂික සැලකීම් ගැන.මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කරනවා නම් එ විධායකයෙන් ඉවත් කරලා අවම වශයෙන් ස්වාධීන ආයතනයක් ලෙස හෝ එසේ නැතිනම් අධිකරණ අමාත්‍යාංශය යටතේ පිහිටවීමයි.”

ඡායා – නිහාල් ගුණසිංහ