පොලිස් ඇමති පළමු බිල්ල ගනී.

0
114

පොලිස් ඇමතිකම ප්‍රසන්න රණතුංග වැනි කුප්‍රකට දේශපාලකයෙකුට දුන්නේ ඇයි දැයි බොහෝ දෙනා පසුගියදා ප්‍රශ්ණ කර සිටියේය.

මේ සම්බන්ධයෙන් සිය මත පළකළ අය කියා සිටියේ මේ අරගලය මර්ධනය කිරිම සදහා මේ ප්‍රසන්න රණතුංග වෙත මේ ඇමති කම ගෝඨාබය විසින් ලබා දි ඇති බවය.

දැන් ඔහු පළමු බිල්ල ගෙන හමාරය.සංචාරක ඇමති ලෙසින් ලොව පුරා සංචාරකයන්ට ලංකාව බලන්න එන්න යැයි කියන්නේ අත්වල ලේ තවරාගත් මිනිමරු ඇමති කෙනෙක් විසින් බව දැනටමත් ලෝකයා හමුවේ හෙළිවි තිබේ.

ඉතින් ඩොලර් ටිකක් හෝ ගේන්නට තිබු සංචාරක කර්මාන්තයටද දැන් දෙවියන්ගෙම පිහිටය.

විරෝධතාකරුවන් සැබැවින්ම හිරිහැර කලයුතුව ඇත්තේ ,හරස් කළ යුතුව ඇත්තේ මිනිමරන්නට නියෝග දෙන ඇමතියන්⁣ගේ ගමන් මගවල් බව තේරම් ගන්නට තවත් කොපමණ කාලයක් යාවිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here