පොලිස් නිළධාරීන් 04 දෙනෙකු යකඩ පොලූ වලින් මට පහර දුන්නා.

0
144

පසුගිය මැයි 30 වැනිදා කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ උද්ඝෝෂණයට එරෙහිව සිදුකල පොලිස් පහරදීමේදී , ඉතා අමානුෂික අන්දමින් දැඩි ප‍්‍රහාරයකට ලක් වූ තවත් ඇගළුම් කම්හල් සේවිකාවක් මීගමුව රෝහලේ මේ වන විටත් නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටී. ඇය තමලී ඉරේෂා නම් 26 හැවිරිදි අවිවාහක තරුණියකි.

ඇය මිණුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි කාරියක වන අතර කටුනායක, නිදහස් වෙළඳ කලපයේ ස්ථාපිත ‘‘ නයිගයි ’’ ආයතනයේ සේවය කරන්නියකි.  රජය විසින් පෞද්ගලික අංශයට ලබා දීමට යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය මැයි 30 වැනිදා කටුනායක වෙළඳ කලාප පරිශ‍්‍රය තුල පැවැති උද්ඝෝෂනයන්ට විටෙන් විට සහභාගී වූ ඇයට පසුව දැනගන්නට ලැබී ඇත්තේ උද්ඝෝෂනයේ යෙදෙන පිරිසට පොලිස් නිලධාරීන් පහර දෙන බවයි. ඉන් පසුව පොලිසිය විසින් පහර දේ යැයි බිය වූ ඇය පිටතට නොයා සිය කර්මාන්ත ශාලාව තුල රැදී සිට ඇත. සුළු වේලාවකදී ඇය සේවය කරන කර්මාන්ත ශාලාව තුලට පැමිණ ඇති පොලිස් නිලධාරීන් එහි රැදී සිටි සේවක සේවිකාවන්ට පහර දෙන අතරේ ඇය වෙතටද පැමිණි පොලිස් නිලධාරීන් 04 දෙනෙකු ඇයට මෙලෙස පහර දුන් බව ඇය පැවසීය.  ඇය වැඩි දුරටත් පවසන්නේ තමාට පහරදීමට පැමිණි පොලිස් නිලධාරීන් 04 දෙනා අත රැP1070542 newදි යකඩ පොලූ වලින් තම අත්වලට හා කකුල් වලට ඉතා දැඩිව පහර පහර දුන් බවයි. එලෙසම තම මුහුණ ප‍්‍රදේශයට විශේෂයෙන්ම තම මුඛය ආශී‍්‍රතව සහ යටි ඇන්දේ සහ උඩු ඇන්දේ ඉදිරි පෙල දත් වලට ද ඉතා දරුණු ලෙස මේ පොලිස් නිලධාරීන් පහර දුන් බව ඇය හ`ඩමින් ප‍්‍රකාශ කලාය. විශේෂයෙන්ම ඇයගේ වම් පස කලවා ප‍්‍රදේශයේ සිට යටි පතුල දක්වාවු සම්පුර්ණ වම් පයට ඉතා දරුණු ලෙස පහර දී තිබේ. ඇයගේ එම වම් පස පයේ වැඩිපුරම පහරදීමෙන් නිල් පැහැ ගැන්වී තිබෙනු දැක ගත හැකි විය.