පොලිස් පරික්ෂක තිසේරා මහතාගේ අවසන් කටයුතු හෙට ( 11 ) මාකේවිටදි …

0
126

පෑලියගොඩ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වු පොලිස් පරීක්ෂක චමින්ද ජූඩ් තිසේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබේ.

ගම්පහ මාකවිට මාබිම පදිංචි 52 හැවිරිදි ජුඩ් තිසේරා මහතා මිය යන විට දෙදෙරු පියෙක් වෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ස්ථානාධිපතිවරයා මිය ගොස් ඇත.

ජූඩ් තිසේරා මහතාගේ අවසන් කටයුතු හෙට(11)සවස මාකවිට රෝමාණු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මිගමුව සහ කටාන ප්‍රදේශවලදි රථවාහන අංශයේ කැපි පෙනෙන නිළධාරියෙකු වු ඔහු සිය රාජකාරිය අකුරටම ඉටු කළ අයෙකු ලෙසද බොහෝ දෙනෙකුගේ ඇගයිමට ලක්විය’