පොලිසියට උපාධියක් ..

0
167
පොලිස් සේවය තුල දැනුමෙන් සහ වෘත්තීයභාවයෙන් ඉහළ නිලධාරීන් පිරිසක් බිහිකිරීමේ අරමුණින්

“ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව “(BA in applied police studies) හඳුන්වා දීමට අමාත්‍ය ටිරාන් අලස් පියවර ගෙන තිබේ.

එහි සමාරම්භක උත්සවය, පසුගිය 4 වෙනිදා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අපරාධ කොට්ඨාස ශ්‍රවනාගාරයයෙදී පැවැත්විණි. පොලීසියට උපාධියක් පිරිනැමීමේ කටයුත්ත ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව සිදුකරනු ලබයි.

“ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව” උපාධි පාඨමාලාව සඳහා ප්‍රථම නිළධාරීන් කණ්ඩායම ලියාපදිංචි කිරීම ද මෙදින සිදු කළ අතර ඒ සඳහා පාඨමාලා ලාභීන් එකසිය පනස් දෙනෙකු සම්බන්ධ වූ අතර වඩාත් ගුණාත්මක මානව සම්පතක් සහිත පොලිස් සේවයක් බිහි කිරීම සඳහා මෙම උපාධි පාඨමාලාව පාදක කරගැනීම මෙහි මූලික අරමුණ වේ.

Police Digree 2