පොලිසියට බයෙන් ගඟට පැන්න අයෙක් මරුට….

0
104
වයික්කාල සින්දාත්‍රිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ  පොලීසිය කල වැටලීමකදි සැකකරුවන් පිරිසක්  මා ඔයට පැන තිබේ. එහිදී එක් සැකකරුවෙකු දියේ ගිලී මරණයට පත් වී ඇත.සින්දාත්‍රිය දේවස්ථානය පිටුපස මා ඔය ආසන්නයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බූරු පොලක් වැටලීමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම වී ඇත.  මෙසේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිට ඇත්තේ වෙන්නප්පුව පොලිසීයේ නිලධාරීන් පිරිසකි.
සැකකරුවන් තිදෙනෙකු ගඟට පැන ඇති අතර දෙදෙනෙකු ගඟෙන් එගොඩ වි පිහිනා දිවි බේරා ගෙන ඇත.මරණයට පත් පුද්ගලයා දියේ ගිලෙනු අවස්ථාව  එහා ඉවුරේ සිට මොවුන් දැක ඇති අතර පොලීසියද එම අවස්ථාවේ එතනින් පිටත් වී ඇත.
buru 2buru 1buru 4සින්දාත්‍රිය පදිංචි ජොයි නැමති 35 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ මියගොස් තිබේ.අද පෙරවරු 11.00 පමණ නාවික හමුදාව  විසින් මළ සිරුර ගොඩ ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here