පොලිසියේ මැදිහත්විමෙන් වෙබ් වැඩමුළුව අවලංගුයි.?

0
98

RANIමීගමුව කුඩාපාඩුව ‘රානි බීච් රිසෝට්’ හි පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ දෙදින වැඩමුළුවක් මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින්ගේ මැදිහත්විම හේතුවෙන් අවංලගු කරන්නට සිදුව ඇත.මෙම දෙදින වැඩමුළුව සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකාවේ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් අන්තර්ජාල ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරලීම සඳහාය.
මෙම සංගමයේ කැදවුම්කරු වන ප්‍රෙඩි ගමගේ මහතාව  (2014 /09/27) දින උදෑසන අමතා ඇති TID නිලධාරියෙකු පවසා ඇත්තේ රාණි බිච් රිසෝට් හිදි මාධ්‍යකරුවන්ගේ වැඩමුළුවක් පැවැත්විමට යන බව බවට තොරතුරු කොළඹ බුද්ධි අංශ නිළධාරින් විසින් තමන් දැනුවත් කර ඇති බවය.
ඊට සුළු මොහොතකට පසු  ප්‍රෙඩී ගමගේ මහතා අමතා ඇති ‘රානි බීච් රිසෝට්’ හෝටලයේ පාලනාධිකාරිය පවසා ඇත්තේ උදෑසන සිට මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේන් මෙන්ම කොළඹ පොලිස් මුලස්ථානයෙන්ද මෙම වැඩමුළුව ගැන තොරුතුරු විමසා සිටිකන බවත් කෙසේ හෝ මෙය පවත්වන්නට ඉඩලබාදුන්න හොත් හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණය කිරිමට පිරිස් සුදානමින් සිටින බවත්ය.
එමෙන්ම මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් පිරිසක් අදාල හෝටලය වෙත පැමිණ අවධාරණය කර ඇත්තේ වැඩමුළුව පැවැත්විමට ඉඩ ලබාදුනහොත් මීට පෙර අවස්ථාවකදි ගෝල්ඩි සැන්ඩ් හෝටලයට පැමිණියාක් මෙන් පිරිස් පැමිණි මේ හෝටලය ඉදිරිපිටද උද්ඝෝෂණය කිරිමට සුදානම් ඇති බවය.
මේ පසුබිම යටතේ මෙම වැමුළුව සදහා ඉඩලබාදිමට තමන්ට නොහැකි බව දන්වා හෝටල් පාලනාකාරිය විසින් හෝටලය වෙත ගෙවා තිබු අත්තිකාරම් මුදල් නැවත ලබාදි ඇත.
මාධ්‍යවේදින් විසින් පවත්වන්නට යෙදුන වැඩමුළු ගණනාවක් මිට පෙරද පොලිසිය සහ අන්තවාදි සංවිධාන වල මැදිහත්විමෙන් කඩාකප්පල් කර තිබේ.