පොලිසියේ 05කට හදිසි මාරුවීම්

0
44
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත් ව පොලිස් ස්ථානාධිපතිවරුන් 03දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරිවරුන් 02දෙනෙකු සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ඒ අනුව දළඳා මාලිගාවේ ස්ථානාධිපති පොල්පිතිගම ස්ථානාධිපති ලෙසත්, පුලස්තිගම ස්ථානාධිපති දළඳා මාලිගාව ස්ථානාධිපති ලෙස හා මාල්ලාවි ස්ථානාධිපතිවරයා කැලණිය කොට්ඨාසය වෙතත් මාරුවීම් ලබාදී ඇත.
කුලියාපිටිය කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා මාතලේ කොට්ඨාසය වෙතත්, මාතලේ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා කුලියාපිටිය කොට්ඨාසය වෙතත් ස්ථාන මාරු කොට ඇතpolice