පොලිසියේ 105 කට සහ සෞඛ්‍ය සේවාවල 50 කට කොරෝනා !

0
132

coronaමේ වන විට පොලිස් නිලධාරීන් 105 දෙනෙකු කොවිඩ් අසාදිත බව හඳුනාගෙන ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

අද (01) දිනයේ නිලධාරීන් දස දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත
.
තවද දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙක් කොවිඩ් අසදිතව ඇතයි තහවුරු වී ඇත අතර පොලිස් නිලධාරිනිය රැඳී සිටි කොළඹ මලලසේකර මාවතේ කාන්තා භට නිවාසයේ 235 දෙනෙක් ස්වයං නිරෝධායනය යොමුකර තිබේ

කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ ආසාදිත පොලිස් නිලධාරීන් 26දෙනෙක් ලෙස වාර්තා වී ඇති අතර මෝදර පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු, දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු, කොළඹ වරාය, මාළිගාවත්ත, මරදාන සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථානවලින් එක් අයෙකු බැගින් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් වශයෙන් හඳුනා ගෙන ඇත.

මේ අතර වෛද්‍යවරුන් ,හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත බැව් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි

තවද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 300 කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවත් ඔහු සඳහන් කර සිටි

කොළඹ ජාතික රෝහල, කලුබෝවිල රෝහල සහ තවත් රෝහල් කිහිපයකින් මෙම ආසාදිතයන් හමුවී ඇත. සෞඛ්‍ය අංශයේ සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් වසංගතය මර්ධනය කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි ද ඔහු රජයට අවධාරණය කර ඇත